IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පළාත් මන්ත‍්‍රී බැන්න හැටි

පොලිසියේ අපරාධ පුවතක් පළ නොකරන්නැයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට  දුරකථනයෙන් බැණ වැදුණේ මෙසේය. ජයරුක් - මොකක්ද මන්ත‍්‍රීතුමා කිව්වේ? අරුණ ගුණරත්න - පත්තරේ ගියොත් බලාගන්නම් මං ජයරුක් - එහෙනම් ඔබතුමා ඊට කළින් කෝල් එකක් දෙන්න  ඕනෑ. ගුණරත්න - ඊට කලින් තමුසෙ කියන්න එපැයි මම ඒක ලියනවැයි කියල. ජයරුක් - නිවුස් එකක් විදියට මම ලිව්වා. ගුණරත්න - පත්තරේ ගියාම අපිට ලැජ්ජයි කියල තමුසෙ දන්නෙ නැද්ද? බූරුවා. ජයරුක් - එහෙනම් ඔබතුමා පොලිසියෙ පැමිණිල්ලක් නොදා ඉන්න  ඕනෑ. ගුණරත්න -පොලිසියෙ පැමිණිල්ල! තමුසෙ හැම එකම ලියන්න  ඕනද? ජයරුක් - ලියන්නෙයි කියන්නෙ ඉතිං........ ගුණරත්න - ......... පුතා තොට මම කියන්න  ඕනද? ජයරුක් - එහෙනම් ඊයෙ අර ගුණරත්න - මාත් එක්ක හැප්පිලා අමාරුවේ වැටෙන්න එපා හොඳේ? ජයරුක් - ඔබතුමත් එක්ක අමාරුවෙ වැටෙන්න මට අවශ්‍යතාවයක් නෑ. ගුණරත්න - මම බැන්නයි කියල පත්තරේටත් ලියාපිය. මම ඒකත් බලාගන්නම් එහෙම වුණොත්. ජයරුක් - හරි එහෙනම් ඒකත් කියන්නම්. ගුණරත්න - හරි බලමු මොකද වෙන්නෙ කියල අන්තිමට. තමුසෙ ගමේ කමට ඔහොමද කරන්නෙ? ජයරුක් - නෑ ඉතින් ඔබතුමා කරපු හොඳ දේවලූත් පත්තරේ දාල තියෙනවා. මම හිතන්නෙ නෑ ඔබතුමාට මේක ප‍්‍රශ්නයක් වේවි කියල. ගුණරත්න - උඹ දැනගන්න එපාද මේක අපට ලැජ්ජයි කියල..........



අදහස් (0)

පළාත් මන්ත‍්‍රී බැන්න හැටි

සුරුබුහුටි Friday, 02 September 2011 08:15 PM

අයියෝ සිම්පල් කේස් එකක්නේ. දේශපාලනය කියන්නේ ඔය වගේ දේවල් තියෙන තැනක්නේ කොහොමත්

:       0       0

Kapila Friday, 02 September 2011 08:58 PM

අරුණ ගුණරත්න මන්ත‍්‍රීතුමා දකුනෙ අපිට ලැජ්ජයි....

:       0       0

නාඔටුන්න Saturday, 03 September 2011 09:19 AM

ගරු මන්ත්‍රීතුමා, සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයින්ට ලැජ්ජ නැහැ.ගුණරත්න මහත්තයට ලැජ්ජ හිතුනා නම් එතුමාට දේශපාලනයේ තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. දේශපාලනය කරන කොට ගණ දොස් විවේචන ‍උපේක්ෂාවෙන් ඉවසන්න පුරුදු වෙන්න.ලැජ්ජ නැති වැඩ නොකර හිටියාම ඉවරයි නේ.

:       0       0

මී ගස් ආරේ ගුනපාල Saturday, 03 September 2011 10:37 AM

දේශපාලකයෝ තමයි රටේ නීතීය නැති කරන්නේ පොලීසි වලටත් අයුතු බලපෑම් කරන්නේත් ඒ අයයි.... ඔවුන්ගේ හයිය පෙන්වන්න පාතාලය රජ කරන්නෙත් දේශපාලකයින්ගේ බලපෑම් මතයි ලංකාදීප පුවත්පත මෙවැනි දේශපාලකයින්ගේ නිරුවත හෙළි කිරීම ප්‍රශංසනීයයි

:       0       0

අනුර හෙට්ටිආරච්ච් Saturday, 03 September 2011 10:56 AM

ඕකද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය නිදහස කිය කියා වේදිකා වල බෙරිහන් දෙනවා ඒ උනත් ‍එයාලගේ වැරදි කියන්න හොද නෑ මාධ්‍ය නිදහසනම් මාධ්‍යයව්දීන්ට හොද නරක දෙකම කියන්න ඉඩ තියෙන්න ඕන මේ වගේ දේශපාලකයෝ දකුණටත් ලැජ්ජයි

:       0       0

අන්දරේ Monday, 05 September 2011 10:41 AM

මේවා මෝඩ විහිඵ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 385 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site