
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික දරුවන්ගේ පළමු කඩඉම් විභාගය වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අද (9) පැවැත්වේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් එම විභාගය අද පෙරවරු 9.30 ට ආරම්භ වන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9:30 සිට 10.45 දක්වා පැයයි මිනිත්තු 15 ක කාලයක් පැවැත්වෙන බවත් පෙරවරු 10.45 සිට 11.15 දක්වා කෙටි විවේකයක් ලැබෙන බවත් ඇය සඳහන් කළාය.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට පස්වරු 12:15 දක්වා පැයක කාලයක් පැවැත්වෙන බවද ඇය කීවාය.
විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වෙන මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 294,089 ක් පෙනී සිටින අතර සිංහල මාධ්‍යයෙන් ඇයදුම්කරුවන් 220,366 සහ දෙමළ මාධ්‍යයෙන් 73,723 ක් සමස්ථ අයදුම්කරු සංඛ්‍යාවට ඇතුළත් වන බවත් ඇය සඳහන් කළාය.
දරුවන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව කී ඇය පැවසුවේ දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළත්වීමට අවසර නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd