
(ලේකම්ගේ අනුර)
තඹුත්තේගම නගරයේ ඊයේ පැවතී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ අධික ශබ්දය තඹුත්තේගම ජාතික පාසලේ උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේ සිටි උසස් පෙළ සිසුන්ට දැඩ් බාධාවක් වූ බව විභාග සම්බන්ධීකාරක තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට දැනුම්දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, අනුරාධපුර දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකින් පත්කිරීම වෙනුවෙන්, තඹුත්තේගම නගරයේ, උත්සව ශාලා භූමියක මෙම රැස්වීම පැවැත්විණ.
මෙදින පස්වරුවේ අපොස උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යා විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රය ලිවීම,සදහා පැමිණි සිටි සිසු දරු දැරියන් පිරිසක් මෙලෙස අපහසුතාවයට පත් ව ඇතැයි පැවැසේ.
මෙම අධික ශබ්දය විභාගය ලියන දරුවන්ට දැඩි බාධාවක් බවට විභාග ශාලාධිපතිවරුන් විභාග සම්බන්ධීකාරකවරයාට දැනුම්දීමත් සමග ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලමයි ඉගෙනගත්තොත් මේ මෝඩ පුතාලට අපලයි. ඉගෙනගෙන සත්‍ය අවබෝධ කරගත්තොත් පස්සෙන් යන්න කවුරුවත් නැතිවෙනවා. ඒක නිසා ඉගෙනගන්න ලමයි එක්ක වෛරයකින් මෝඩ පුතාලා ඉන්නේ.
හොරුන්ට තක්කඩින්ට රටේ දරුවන් ගැන කුමන නම් අනුකම්පාවක්ද
මොනවා කරන්නද. නෑ මොලේනෙ.
විභාගයකට නොලිය උපාධි ගත්ත අයට ඔය සද්ද ගැන හැඟීව්මක් නෑ.
ඒකනේ උන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වචනයක් දෙකක් අල්ලාගෙන නටුවේ. නාමල් කියන්නෙම උපන් ගෙයි ගොනෙක්.
නූගත් දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාල් ගැන කවර කතාද?
අවලංගු සල්ලි
ශාලාධිපති මාලිමා පාක්ෂිකයෙක් වන්න වන්න ශබ්දය වැඩියෙන් ඇහෙනවා
මුන් ගිය තැන විනාශයක්.
මෙච්චර ජරා මිනිස්සු ටිකක් මීට කලින් දැකල නැහැ. යකෝ තියපල්ලකො සෙනසුරාද ඉරිදට. මුන්ට ඔනෙ දරුවන්ට අැණයක් වෙලා පොලිසියත් එක්ක වලියක් දාගෙන නිව්ස් එකක් යවා ගන්න. මෙව්ව අපිට තේරෙන්නෙ නැහැ කියල හිතන්නෙ. මේ අතින් බැලුවම රනිල්, සජිත් වැදගත් මහත්වරු. මූ මහ නැහැදිච්ච නූගත් තකතීරුවෙක්.