(සුජිත් හේවාජුලිගේ )

සම්බුද්ධ ශාසනයට සහ භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද දෙකක් කඩිනමින් ගැනීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

මෙම ලිපිය යොමු කර ඇත්තේ අද (08) දිනයේය.

සම්බුද්ධ ශාසනයට සහ භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව එම ලිපියේ දැක්වේ.

මෙයට අමතරව ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු ලබා දුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම් වලට ලක්වීම සබන්ධයෙන්ද සමාජයේ බරපතළ සැක සංකා මතුව ඇති බවත් අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය බවත් කාරියවසම් මහතා පැවසීය.

අයවැය විවාදයට ප්‍රථම හෝ ඒ අතරතුර මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය මැදිහත්වීම හා දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙතෙම විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටී.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්ය බහුලත්වය හමුවේ මෙවැනි ජාතික වශයෙන් වැදගත් කරුණු යටපත් වීමේ අවදානමක් පවතින බැවින් එ් ගැන අවධානය යොමු කරන ලෙසටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ

​ IFrame