IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පාසල් 1000ක් ක්ලීන් වෙයි

(අංජුල මහික වීරරත්න)

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක  ආරම්භ කෙරිණි.

“අපේ ඉස්කෝලේ  Clean කරමු  - රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබා දීම සිදු කරයි. 

ඒ අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල  අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම මාර්තු මාසය අවසන් වන විට පාසල් දහසම ආවරණය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම ආදි සිසුන් ද සහභාගි කරවා ගැනීම විශේෂත්වයක් වන අතර අඛණ්ඩව පාසල පිරිසිදුව තබා ගනිමින් නඩත්තු කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සිදු කෙරේ.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී  වැඩසටහන ආරම්භ කෙරුණි.



අදහස් (4)

පාසල් 1000ක් ක්ලීන් වෙයි

යෝගා Friday, 21 February 2025 09:07 PM

බස්, ත්‍රී රෝද, වෙරළ ක්ලීන් කරා, පාර්ලිමේන්තු කැන්ටිම දිනපතා ක්ලීන් කරනවා. මරුනේ මාලිමාව. 159 දෙනා කට, දිව එහෙමත් ක්ලීන් කරගන්න. කටේ දිවේ නොගෑවී බොරු කියන්න ලේසි වෙයි

:       3       3

ඇලික් ගාල්ලගේ Saturday, 22 February 2025 10:45 AM

පාසල් ක්ලීන් වෙන්න නම් විදුහල්පතිවරු, ස්ථාන මාරු කළ යුතු අය වහා මාරු කළ යුතුයි.

:       0       2

fairoos Saturday, 22 February 2025 11:00 AM

ඉතාම හොඳ වැඩපිළිවෙළක්...

:       0       3

sene Saturday, 22 February 2025 03:17 PM

හා හා අලුත් වාරයට පාසල් පවිත්‍ර කොට පාටගා අවසන්. මේකත් තවත් විහිළුවක්. කරන්නේ බොරුව කීවොත් පචයක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 830 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1777 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site