
(අජිත්ලාල් ශාන්තඋදය)
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය.
ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.
තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.
තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ අද (03) උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ කීහ. බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇත. වැන් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයක් පෙනෙනන්නට ඇති බව ප්‍රදේශවාසීහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම මෙම පාසල් වෑන් / බස් රථ වලට ප්‍රමිති සහතිකයක් ලබා දි යුතුයි සියයට 80 ක්ම ප්‍රමිතියෙන් තොර වාහන බව බැලූ බැල්මට පේන්නේ..
මේ වාහනේ රවුම් කර තිබෙන ෆොටෝ දැක්කම කලකිරෙනවා, දිරච්ච කසිකබල් තමයි ඉතින් තියෙන්නේ හෙණ ගහව ඕකුන්ට, හෝව් මහත්තයා හෝව්. දැන් අලුත් වෑන් එකක් කෝටි එක හමාරයි දෙකයි. ඒවත් බඩු අදින වෑන් මිසක් මගී ප්‍රවාහන වෑන් නෙවෙයි. ඉතින් කොහොමද ළමයි ගෙනියන්න වෑන් එකක් පාරට දාන්නේ? කෝටි දෙකක් දීලා වෑන් එකක් ගන්නවා නම් මාසෙට ලක්ෂ 5ක් ගත්තත් ලීසිං ගෙවල ඩීසල් ගහන්න මදි. ලක්ෂ 5ක් හොයන්න නම් එක ළමයෙක්ගෙන් ගන්න ඕන රුපියල් 40,000 ක් දෙමවුපියන්ට ඕක ගෙවන්න පුලුවන්ද?
හරි හොඳට තිබුණ වාහනයක් වගේ මේවා පාරේ දුන්නවත් පොලිසියත් දකින්නේ් නැද්ද?
මම නං කියන්නෙ පුද්ගලික යතුරු පැදියේ ඉදන් හැම වාහනයක්ම අදායම් බලපත නිකුත් කරන විට පරීක්ෂණයකට ඉදිරිපත් කර ධාවනයට සුදුසු බවට සහතිකයක් ලබා දිය යුතුයි.
වැඩ අරගෙන ඉවර උන බස් සහ වෑන් වලින් ගන්න අන්තිම සේවය තමා පාසල් සේවය.