(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්බුධ ගණනාවක් උද්ගතව ඇති බවත් පාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිලිබඳ කඩිනම් පරීක්ෂණ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිළි කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් එකතු කිරීම් තවමත් බහුලව සිදුවෙනවා. දන්වන්න පුළුවන් දුරකතන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද?
ලොකු වැඩ ඕනෑ නැහැ ඇමැතිණිය, මේ අභියෝගය බාර ගන්න. පුළුවන් නම් ටියුෂන් කෙරුවාව නතර කරන්න..
වත්තල පැත්තේ ප්‍රසිද්ධ පිරිම පාසලකත් මෙහෙම වෙනවාලු
සමහර පාසල්වල ඉගෙනගන්න ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. ගුරුවරු කරන්නේ රැකියාවක්. ඒ කියන්නේ මාසික වැටුප ලබාගැනීමේ චේතනාවෙන් කරන දෙයක්. එයාලාට දරුවන්ට මොනවා වුණත් කමක් නෑ. ගුරුවරු හැමෝම මෙහෙම අය නෙමෙයි. හොඩාක් හොඳ ගුරුවරු ඉන්නවා. මේ කියන විදියේ පාසල්වල බොහෝමයක් ගුරුවරු දරුවන්ට නිවැරැදි අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ළමයින්ව පාසලේ ශාලා පහසුකම් නැහැ කියලා, සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්න ළමයින් සමඟ එකට මිශ්‍ර කරලා, දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම විනාශ කරලා දමනවා. කරන්න අවශ්‍ය ඒක නෙමෙයි. දරුවන්ට ඉංග්‍රීසි හොඳින් කියලා දීලා, එක ශ්‍රේණියකට අදාලව තිබෙන ඉංග්‍රීසි මාධ්‍ය පංති ගණන වැඩිකරලා. දරුවන්ව ජාත්‍යන්තර භාෂාව සමඟ සමීප කරන එකයි. ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න සියලු දරුවන්ට පාසලෙන් නිසි අධ්‍යාපන ලැබෙන්නේ නැති නිසා ටියුෂන් පංති වලට සහභාගී වෙලා ටිකක් දැණුම ලබාගන්නවා. ඒකත් නැති වුනොත් දරුවෝ ඉවරයි. ඒ නිසා ගරු අග්‍රාමාත්‍ය තුමියගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ටත් ක්‍රමාණුකූල ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන්න කියලා. ඔබ සැමට ස්තූතියි...!
හරිනි මැඩම් මේ දවස් වල මුදල් එකතු කිරීමේ ප්‍රශ්නය නිසා සේවා පහසුකම් ගාස්තු එකතු කරන්නෙත් නෑ. එක නම් එකතු කරකවන්න ඕනෑ. ඒවලින් තමයි පාසල් ආරක්ෂක අංශය, විදුහලේ විදුලි බිල් ගෙවන්න ග්‍රාමීය පාසල් වල, විදුලි විසංධි කිරීම වළක්වා ගැනීමට ක්‍රම සකස් කරන්නේ...
කෝ මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් දැනුම් දෙන්න නම්බර් එකක් නැහැනේ...