
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස විදේශමන් බලපත්‍ර ලක්ෂ පහක් හදිසියේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම මිලදී ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳුදා මෙය පුවත්පත්වලින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු කීවේය.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට දින වෙන් කරවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා හදිසි අවශ්‍යතාව වෙනුවෙන් විදේශ ගමන් කඩිනමින් නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාශීලී නැතිද ඔය ආයතනය?
ප්‍රශ්න විසඳිම එකක්, තිබෙන ප්‍රශ්නය කුරුවල් කර ගෙන ඇදගෙන යාම තව එකක්, ආණ්ඩුවේ පාස්පෝර්ට් ජාවාරම නියමයි, සල්ලි දීලා පාස්පොර්ට් මිලදි අරගෙන ගිනි ගනන්වලට රටේ ජනතාවට විකුනනව! රට ක්ලින් වෙනකං බලා සිටිමු!!!
තවම පාස්පෝර්ට් ප්‍රශ්නේ අනනවා නේ. ඔය ආයතනේ අකාර්යක්ෂමයි. ඉල්ලුම වැඩිම කාර්යය මණ්ඩලය වැඩි කරලා වැඩ කරන වෙලාව දික් කරලා ජනතාවට සේවය සපයන්න නෙමෙයි ද ඔය ආයතන හදලා තියෙන්නේ. නැතුව නිලධාරින් සහ සේවාකයන්ට හිතන හිතන විදිහට වැඩ කරලා පඩි දෙන්ඩ ඕවා තියෙන්නේ. මට එක් දින සේවාවේ දිනයක් දීලා තියෙන්නේ ජුනි මාසේ අන්තිමට. හරිම ශෝක් රජයේ සේවයක්.
පාස්පෝට් එකක් ගන්න මාස 6ක් බලන් ඉන්න ඕනෑනම් ආණ්ඩුවක් මොකටද?
මේ ඔක්කොම ප්‍රශ්න හදන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , දැනට මාසෙකට දෙකකට කලින් ලක්ෂ 7 1/2 ලැබුණ , පාස්පෝර්ට් ලක්ෂ 5 ආවත් , මේ පෝලිම් දිගටම තිබේවි , දැන් මාර්ගස්ථ ක්‍රමේට ඇනවුම් කලත් මාස 6 බලන් ඉන්න ඕනේ , එහෙම නැතිනම් පගාව 40000-50000 දෙන්න ඕනේ , නිලධාරීන් පාලනය කරගන්න බැරි ආණ්ඩුවකින් පලක් තිබෙනවද ?
මේ රජය සූදානම් වෙන්නේ අපේ රටේ රැකියා ප්‍රශ්නය විසදීමට ගත් මාර උපාය මාර්ගයක් වගෙයි. රැකියා විරහිත හැමෝම විදේශ රටවලට අපනයනය කරා ඒ ප්‍රශ්නයටත් තිත තිබ්බනම් මාලිමාව කැහිපට ගහනවා. ඔය පාස්පෝර්ට් කොහෙන්ද ගෙවෙනවානේ. ඒවා ආරක්ෂද? කොපි කරන්න බැරිද? ටෙන්ඩර් දීලද ගත්තේ කියා දහසකිත් එකක් ප්‍රශ්න මගේ ආච්චි අහනවා. එයටත් රට යන්න හිතිලා වගේ?
පාස්පෝර්ට් අවශ්‍ය පමණට ඇනවුම් කරලා ලබාගන්න පුළුවන් බව මේ පුවත බැලුවහම සනාථ වෙනවා , දැනට මස 2 පමණ පෙර ලක්ෂ 7 ,1/2 ලැබුන ,ඉදිරියට ලක්ෂ 5 ලැබෙනවා අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ සිටිනවා , ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රජයේ සේවකයෝ වාඩි වෙන්න පුටු නැතිව සිටිනවා , කරුණාකර මේගොල්ල පුහුණු කරලා , මේ පාස්පෝර්ට් ප්‍රශ්නේ ඉදිරි මාස 2-3 තුල විසදලා දමන්න රජයට බැරි මොකද දැන් ඉල්ලුම්පත්‍ර භාරදෙන්න දිනයක් ලැබෙන්නේ මාස 5 ක පස්සේ ? රජය අසමත් මොකද?