
(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවය හෙට (30) අවසන් කරන බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සහ ප්‍රාදේශීය කාර්යාලවලදී ලබන 2 වැනිදා සිට එක්දින සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා අයදුම්පත් භාරගන්නා බව ද ආගමන විගමන පාලන ජනරාල්වරිය සදඟන් කළාය.
එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන්කරගනු ලැබූ අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා අති අයදුම්කරුවන් ඉහත කාල සීමාව තුළදී අයදුම්පත් එක්දින සේවය ඔස්සේ භාරදිය හැකි බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය වැඩි දුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය සඳහන් කරන ආකාරයෙන් මාතර කාර්යාලයෙන් අයදුම්පත සහ අදාල ලිපිලේඛන සම්පූර්ණ කරගෙන ගිය පමණින් එක්දින හෝ සාමාන්‍ය සේවා යටතේ උදේ 7 සිට සවස 2 දක්වා අයදුම් පත් බාරදෙන්න බැහැ. අන්තර්ජාලේ හරහා දිනයක් කලින් දිනයක් වෙන් කරගන්න ඕනේ... අද ඉල්ලුවොත් සාමාන්‍යයෙන් දිනයක් ලැබෙන්නේ මාස 5-6 අතර කාලෙකට පස්සේ, එහෙම නොමැතිනම් රුපියල් 5000-10000 පමණ මුදලක් තරවූ කරුවන් මගින් අල්ලස් වශයෙන් දෙන්න ඕනේ..., දිනයක් වෙන්කරගෙන ගෙන ගියත් සාමාන්‍ය ක්‍රමයට හෝ තනි දවසට ඉල්ලුම්පත්රේ බාර දෙන්න පමණක් පැය 3-4 අතර කාලයක් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. ප්‍රධාන කාර්යාලේ සහ ශාකා කාර්යාල හරහා පුද්ගලයින් පැමිණෙන පිළිවෙලට එක්දින ක්‍රමයට උදේ 7:00 සිට සවස 2:00 දක්වා සහ සාමාන්‍ය ක්‍රමයට උදේ 09:00 සිට සවස 05:00 දක්වා ඉල්ලුම්පත් බාර ගන්න කටයුතු සලස්වන්න. සාමාන්‍ය ක්‍රමයට බාර දෙන පාස්පෝර්ට් වැඩකරන දින 14 තුළ කටයුතු නිම කර තැපැල් කරන්න කටයුතු සලස්වන්න... වර්තමානයේ සාමාන්‍ය ක්‍රමයට බාරදෙන පාස්පෝර්ට් තැපෑලෙන් එන්න බාර දුන් දින සිට මාස 2-4 අතර කාලයක් ගතවෙනවා. ගමන් බලපතක් යනු පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක්....!
ශාකා කාර්යාල හරහා අයදුම්පත් භාර දෙන්න දිනයක් අන්තර්ජාලය හරහා ගන්න (අල්ලස් නොදී ) මාස 5ක අවම කාලයක් ගතවෙනවා. ඉන්පසු සාමාන්‍ය ක්‍රමයට බාරදෙන පාස්පෝර්ට් ගෙදරට තැපෑලෙන් එන්න මාස 3-5 අතර කාලයක් ගතවෙනවා..., 90 දශකයේ ඔය ඩිජිටල් සහ වෙනත් පහසුකම් නොමැති කාලේ එක්දින ක්‍රමයට බාරදෙන පාස්පෝර්ට් එදිනම ලැබුණා. සාමාන්‍ය ක්‍රමයට බාර දුන්නු පාස්පෝර්ට් මසක් තුළ ගෙදරට තැපෑලෙන් ලැබුණා. දැන් පහසුකම් තිබුණත් කොමසාරිස්ගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා ඕකේ සිටින නිලධාරියෝ අල්ලසට යට වෙච්චි නිසා ජනතාව අනවශ්‍ය විදිහට ජනතාව රස්තියාදු කරමින් වැඩ ප්‍රමාද කරනවා. රටේ අවශ්‍ය පමණට වැඩිය රජයේ නිලධාරීන් 3 ගුණයක් පමණ සිටිනවා... ඔවුන් අවශ්‍ය විදිහට ප්‍රති ව්‍යුහගත කරගෙන ජනතාවට සේවය සලසන එක ආණ්ඩුවේ වගකීමක්, ආණ්ඩුවට මේවා කරන්න බැරි වුනොත් ජනතාව පොහොට්ටු ආණ්ඩුව ගෙදර යැවුවා වගේ ඔබලත් අනිවාර්යයෙන් ගෙදර යවනවා. තවම ප්‍රමාද නැහැ. ජනාධිපති තුමා , ආනන්ද විජේපාල ඇමති තුමා , මේ ප්‍රශ්න ගැන සොයා බලන්න...
මාතරින් සාමාන්‍ය ක්‍රමයට ගන්න අන්තර්ජාලේ හරහා දිනයක් වෙන්කර ගන්න අද බැලුවාම ලැබෙන්නේ සැප්තැම්බර් 29 , මාස 4ක් බලන් ඉන්න වෙනවා... පාස්පෝර්ට් තොග ලැබී තිබෙනවා. රජයට අවශ්‍ය නිලධාරිනුත් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඉන්නවා මොනවාද මේ විකාර වැඩ? පැය 24 ම නැතිවුණත් ශිෆ්ට් 2 කට වැඩ කරලා මාතර ඇතුළු ශාක කාර්යාල වලින් උදේ 7 සිට සවස 7 දක්වා අයදුම්පත් භාර ගන්න බැරි මොකද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිධාරී සේවකයෝ ඉන්නවා... වාඩි වෙන්න පුටු නැතිව, ඔවුන්ව පුහුණු කරලා මේවාට යොදා ගන්න පුළුවන්, ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩුවට අපේ ඡන්ද අවශ්‍ය නම්, අපි කලින්ම කියන්නේ, අපිට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදෙන්න.. එහෙම නොකළොත් පළාත් සභා බලය ගන්න එක සිහිනයක් පමණි... පොරොත්තු ලේඛන වල මාස ගණනක් ඉඳලා ඉලුම්පත්‍ර භාර දෙන්න ඇවිත් තව පැය 3-4 තපින්න ඕනේ. කරුණාකර අන්තර්ජාලේ හරහා දිනයක් දෙනවා නම් වෙලාවකුත් ලබාදෙන්න.. අපි පාස්පෝර්ට් ගන්නේ මුදල් ගෙවලා. නිකන් නොවේ...
මුද්‍රණ වියදම ඩොලර් 5 එහෙම නැතිනම් රුපියල් 1500 වන පාස්පෝර්ට් එක එක්දින ක්‍රමයට අපට දෙන්නේ රුපියල් 20000 ට එක ගන්නත් අපි කොළඹ එන්න ඕනේ රුපියල්3000-4000 මග වියදම් දරාගෙන , අපිව ගසා කන එක , රස්තියාදු කරන එක නතර කරන්න ආණ්ඩුව වහාම කටයුතු කරන්න , පසුගිය ආණ්ඩු කරා කියලා මේ වැරදි දිගින් දිගටම කරගෙන යන්න ඔබලාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ... ඔබලාට අපි ඡන්දෙ දුන්නේ මේවා වෙනස් කරන්න මිසක් දිගටම කරගෙන යන්න නොවේ. වැරැදි පාරේ ගියොත් ඔබලාගේ ඡන්ද පදනම දෙදරලා නැවත 3%-4% වැටෙන්න පුළුවන්... පස්සේ කෙඳිරිගාන්න එපා.
කෙටියෙන් කියනව රුපියල් 20000 දීල එක්දින පාස්පෝර්ට් එකක ගන්න අවම වශයෙන් පැය 12-15 චාටර් වෙන්න සිදුවෙනවා , පැය ගණන් චාටර් වෙන මිනිස්සු කරන්නේ ආණ්ඩුවට බනින එක , මෙමගුල් නිසා අවම වශයෙන් දිනකට මලිමවට චන්ද 100-200 අහිමි වෙනවා ,මේ පෝලිම් නිලධාරීන් විසින් අල්ලස් ගන්න කෘතිමව නිර්මාණය කරපු ඒවා තැරවූ කාරයෙක් හරහා 5000-10000 අතර අමතර මුදලක් ගෙවනවා නම් ප්‍රශ්න නැති ලියකියවිලි තිබෙන කෙනෙකුට පාස්පෝර්ට් එක අරන් පැය 2 ගෙදර යන්න පුළුවන් , ලිය කියවිලි අඩු පාඩු තියෙනවා නම් මේ මුදල ටිකක් ඉහිල යනවා ,
වායු සමීකරණය කරලා ලස්සනට තිබුනට ඔවා හොර ගුහා