( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පලතුරු ව්‍යාපාරිකයා ඔහුට අයත් කුඩා ලොරියෙන් එම ප්‍රදේශයේ සිට වාද්දුව ප්‍රදේශයේ කෙසෙල් අලෙවි කිරීමට ඉකුත් 3 වෙනි දින පැමිණ ඇති බව පොලිසිය කියයි.
එම ව්‍යාපාරිකයා තනිවම ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතර ඉකුත් 4 වෙනි දින මීට පෙර කෙසෙල් අලෙවිය සිදු කරන ලද වෙළඳසැල සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන එදින බොරලැස්ගමුව ප්‍රදේශයට පිටව ගොස් එම ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන වාද්දුව ප්‍රදේශයේ තම මාමාගේ නිවසේ රැය ගත කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
ඊයේ (5) උදෑසන බේරුවල සහ කළුතර ප්‍රදේශවල වෙළඳසැල් වලට කෙසෙල්කැන් අලෙවිකර අනතුරුව සවස් යාමේ බණ්ඩාරම ප්‍රදේශයට පැමිණ කැස්බෑව මාර්ගයේ මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් ඉදිරිපිට ලොරිය නවතා එම වෙළඳසැලට කෙසෙල් අලෙවි කර පිටත්ව යාම සඳහා ලොරියට නැගීමත් සමගම කළු පාටට හුරු කබා පැළඳි පුද්ගලයන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ ලොරිය අසල නවතා ඇතැයි පොලිසිය කියයි
.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා
Pradeep Kumara Monday, 06 January 2025 11:43 AM
අසරණයින්ගේ මුදල් කොල්ල කන මොවුන්ට ස්වභාවධර්මයා හෝ දඬුවම් ලබා දේවි...!