
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙනි. එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැත. පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු විය.
පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර ඇත. ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
'අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.' යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙයි.
පුස්තකාලයේ කාඩ්පතට අනුව, 'තෝමස් ඒබීසී' නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදාය. නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු 'ප්‍රාතිහාර්යයක්' ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
(යූ.පී.අයි.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
Bunny Preena Monday, 06 January 2025 11:26 AM
පොතක් සාමාන්‍යෙයන් බේරෙට ගෙනියනකොට පොතක නම, ගම සහ ලිපිනය සඳහන් කරගන්නවා නේද? එහෙම එකක් වෙලා නැතිවා වත්ද?