IMG-LOGO

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැනගෙන ඉදලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ටී.එම්.වී.පී සංවිධානයේ නායක හිටපු අමාත්‍ය ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් කල් තියා දැනගෙන සිටි බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් එ් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවසීය.

පිල්ලෙයාන් ප්‍රහාරය වනවිට සිට ඇත්තේ මඩකළපු බන්ධනාගාරයේ බවත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකුද ඔහු සමග එම බන්ධනාගාරයේ සිට ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම බුද්ධි අංශ සාමාජිකයන් පිල්ලෙයාන් සමඟ සමීපම කටයුතු කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති බව ආනන්ද විජේපාල මහතා කීය.

එම බොහෝ කරුණු විමර්ශනවලට බාධා වන හෙයින් තමා මෙහිදී ප්‍රකාශ නොකරන බවද හෙතෙම පැවසීය.

ප්‍රහාරය පිළිබදව සංවේදී බරපතළ කාරණා ගණනාවක් අනාවරණය වී අැති බවත් මෙම ප්‍රහාරය ගැන දන්නා අසාත් මවුලානා නමැත්තා ලබාදී ඇති තොරතුරු පිළිබඳවද කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සැකකටයුතු පුද්ගලයා පිළිබඳව හෝටලයේ පාලනාධිකාරය විද්‍යුත් පණිවිඩයකින් රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබූ නමුත් බුද්ධි අංශ කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවද හෙතෙම පැවසීය.

 



අදහස් (8)

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැනගෙන ඉදලා

යෝගා Wednesday, 09 July 2025 05:27 PM

එතකොට ජාතික ලැයිස්තු ඊබ්‍රාහිම් විතරක් බබා?

:       46       182

fairoos Wednesday, 09 July 2025 05:45 PM

ඔය එන්නේ එළියට... තවත් ඉන්නවා ගෝඨාභයට කඩේ ගිය අය...

:       142       59

MDThursday, 10 July 2025 10:51 AM

ගොබ්බ මාලිමා ඔලුවට ඔහොම අදහස් ඵනවා. මොනවා කරන්නද?

:       0       0

ගුණරත්න Wednesday, 09 July 2025 06:15 PM

ඇයි තව කෙනෙක් ඉන්නවා ඉබ්‍රාහීම් නානා. උන්නැහේගෙන් නම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ලියුම මේසේ උඩ තියෙද්දී මොකුත් නොකර හිටපු කෙනෙක්, උන්නැහේත් සැපසේ ඉන්නවා...

:       29       105

janahithaThursday, 10 July 2025 08:51 AM

ඔහු සිරභාරයේ ඉන්නවා, ලියුම් පමාව... එය බරපතල අතපසු වීමක් පමණයි.

:       0       0

janabala asamagiThursday, 10 July 2025 09:00 AM

සියලුම බයියන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතුයි.

:       0       0

වනසර Wednesday, 09 July 2025 11:21 PM

දේශීය​, විදේශීය රහස් ඔත්තු සේවා, මන්ත්‍රී ජොකියෝ, පොලීසිය​, පල්ලි, තණකොළ කපන්න කඩු ලෑස්ති කරන් හිටි උන්දලා, තාත්තලා, අනුන්ගෙන් යැපෙන අය, මෙකී නොකී ඔක්කෝම දැනගෙන හිටියානේ. කට්ටියක් ප්‍රෙස් කොන්ෆෙරන්ස් තිබ්බේ දැනන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා.

:       0       0

prasanna Thursday, 10 July 2025 02:58 PM

පළාත් සභා ඡන්දයට විකුණන් කන්න එකක් දැන්මම හොයාගත්තා නේද? මේ සැරේ ඡන්ද ප්‍රතිඵලය

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 264 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 792 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site