IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා ලංකාදීපයට පැවසීය.

එම ගොඩනැගිලි ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණයක් ගනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ බදු මුදලින් නඩත්තු වන දේපොළ ඵලදායී ආයෝජන සඳහා යොමු කර එහි ප්‍රතිලාභ පෙරළා ජනතාවටම ලබාදීම රජයේ අරමුණ බව  ද අමාත්‍යවරයා කීය.

ආර්ථික වශයෙන් ඉතා වැදගත් ස්ථාන වල පිහිටි එම නිවාස එක පවුලක සුඛ විහරණය වෙනුවෙන් ලබා දෙනු වෙනුවට සමස්ත රට වැසියන්ටම ප්‍රතිලාභ ගලා පොදු කටයුතු වෙනුවෙන් යෙදවීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා කීය.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ජාතික ජන බලවේග ජන වරමේ ම කොටසක් යැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (5)

පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි

ගුණරත්න Saturday, 13 September 2025 09:11 AM

කතා කරන තැන ලොකු මහත්තෙක් ගෙවල් දෙකක් තියාගෙන එක ගෙයක් යාලු මහත්තෙක්ට දීල තිබ්බා කියලා කතාවක් අපට අහන්න ලැබුණා. ඒක නම් ඉතින් ආදායම් උපදවන මාධ්‍යයක් නෙවෙයි. දූෂණ වරදක් කියලා තමයි මගේ මොළේට වැටහුනේ.

:       25       19

kasun Saturday, 13 September 2025 09:40 AM

දැන් ඔය ගෙවල් හය හතෙන් ලැබෙන ආදායමෙන් සහන ලැබෙයි නේද? සමස්ත රට වැසියන්ටම....?

:       11       16

පන්සිලු Saturday, 13 September 2025 04:05 PM

අර වාහන ටික විකුණලා ජනතාවට ලැබුණු ප්‍රතිලාභ වගේ මේවාගෙනුත් ලැබෙයි. අන්තිමට වෙන්නේ රජය සතු වටිනා නිවාස නඩත්තුවකින් තොරව විනාශ වී යාම නම් ගහෙන් ගෙට පැන්න වඳුරන් කරන දේම තමයි මෙයාලා කරන්නෙත්.

:       7       15

රන්වල Monday, 15 September 2025 09:21 AM

ඔය සේරම විදේශීය රටවල් වල බිස්නස් සෙන්ටර් කරලා රට සංවර්දනය කරන්න ජනාධිපති තුමනි.

:       0       1

හාරාමනිස් Tuesday, 16 September 2025 05:48 AM

නරකද රිලව් ටික අල්ලලා මේවාට දැම්මා නම් බුරම්පිත් එක්කම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site