IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර

(යොහාන් භාසුර)

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය.

එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 27,500 ක් පොල් වගාවට වෙන්කිරීමට පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇති බවත් එම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාවට භාවිත නොකර යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමඟ මිශ්‍රකර ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස යොදාගැනීමට සුදුසු යැයි නිර්දේශ කර ඇති බවත් වැවිලි අමාත්‍යංශය සඳහන් කරයි.

පොහොර සංස්ථාව එම මිශ්‍ර පොහොර කිලෝ 50 ක් සඳහා රුපියල් 9,000 ක පිරිවැයක් දැරුව ද එය රුපියල් 3,700 කට සැපයීමට එකඟ වූ බව කියන වැවිලි අමාත්‍යංශය එම මිලට පොල් වගාකිරීමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය ද එකතු කර එම මිශ්‍ර පොහොර කිලෝ 50 ක් රුපියල් 4,000 කට අළෙවි කිරීමට රුසියානු රජයේ අවසර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කටයුතු කරමින් සිටින බව ද වැවිලි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (3)

පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර

Lalla Friday, 31 January 2025 10:45 AM

සාධනීය පියවරක්. මෙම ක්‍රමය වී වගාවටත් ආදේශ කරන්න. පූර්ණ සහනාධාර දුන්නාට කිසිම ප්‍රතිඵලයක් නෑ. බහුතරය පාරිභෝජන සහ මත්පැනට වියදම ලෙස යනවා...!

:       0       4

WIJERATNE Friday, 31 January 2025 02:59 PM

ලංකාවේ විවිධ සහනාධාර ලබාදීම නිසි ක්‍රමවේදයකට අනුව පළදායි ලෙස උපයෝජනය වන බව තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් යටතේ කල යුතුය.

:       0       3

පුුසන්ත වික්‍රමසිංහ Saturday, 01 February 2025 07:13 PM

ඉතාමත් හොඳයි... වැඩි ඵලදායිතාවයකින් යුතු පොල් පැල ⁣නිෂ්පාදනය කොට ජනතාවට ලබාදීමට කටයුතු කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site