
(යොහාන් භාසුර)
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය.
එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 27,500 ක් පොල් වගාවට වෙන්කිරීමට පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇති බවත් එම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාවට භාවිත නොකර යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමඟ මිශ්‍රකර ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස යොදාගැනීමට සුදුසු යැයි නිර්දේශ කර ඇති බවත් වැවිලි අමාත්‍යංශය සඳහන් කරයි.
පොහොර සංස්ථාව එම මිශ්‍ර පොහොර කිලෝ 50 ක් සඳහා රුපියල් 9,000 ක පිරිවැයක් දැරුව ද එය රුපියල් 3,700 කට සැපයීමට එකඟ වූ බව කියන වැවිලි අමාත්‍යංශය එම මිලට පොල් වගාකිරීමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය ද එකතු කර එම මිශ්‍ර පොහොර කිලෝ 50 ක් රුපියල් 4,000 කට අළෙවි කිරීමට රුසියානු රජයේ අවසර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කටයුතු කරමින් සිටින බව ද වැවිලි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධනීය පියවරක්. මෙම ක්‍රමය වී වගාවටත් ආදේශ කරන්න. පූර්ණ සහනාධාර දුන්නාට කිසිම ප්‍රතිඵලයක් නෑ. බහුතරය පාරිභෝජන සහ මත්පැනට වියදම ලෙස යනවා...!
ලංකාවේ විවිධ සහනාධාර ලබාදීම නිසි ක්‍රමවේදයකට අනුව පළදායි ලෙස උපයෝජනය වන බව තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් යටතේ කල යුතුය.
ඉතාමත් හොඳයි... වැඩි ඵලදායිතාවයකින් යුතු පොල් පැල නිෂ්පාදනය කොට ජනතාවට ලබාදීමට කටයුතු කරන්න...