IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පොලිස් රාජකාරියට බාධා කළ දෙමටගොඩ කතක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රථ වාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැද වූ කාන්තාව ඇය ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ  නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලායමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ බේස්ලයින් පාරපදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවකි

සිදුකළ විමර්ශනවලදී ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කිසිදු ඥාති සම්බන්ධතාවයක් තිබෙන තැනැත්තියක් නොවන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ගම්පහ උඩුගම්පොළ පොළහන්දියේදී  කාන්තාව කළ වරද හේතුවෙන් සැකකාරියගේ මෝටර් රථය නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉතා අසෝබන ලෙස පොලිස් නිලධාරීන් දෙසට ඇඟිල්ල දිගු කරමින් බැන වදින ආකාරය ජංගම දුරකථනයක ද සටහන් ඇතැයි පොලිසිය කියයි

සැකකාරියට එරෙහිව අන් අයෙකු ලෙස පෙනී සිටීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා සිදුකළ රථවාහන වරදට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි

 



අදහස් (1)

පොලිස් රාජකාරියට බාධා කළ දෙමටගොඩ කතක් අල්ලයි

Samarasingha Sunday, 02 November 2025 01:01 PM

පැමිණිල්ල ඉදිරිපත්කල පොලිස් නිලධාරින් ඉතාම වැදගත් චෝදනාව ඉදිරිපත්කර නැහැ. ඒ කියන්නේ පොලිසියේ ඉහළ නිළධාරි කෙනෙකුගේ තනතුර අපකීර්තියට පත්කිරීම සමග පොදුවේ පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කිරීම ගැන අවධානයට යොමුවෙලා නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1885 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site