
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
පැමිණි කොල්ලකරුවන් මුදල් රුපියල් 180,000 ක් සහිත මුදල් පසුම්බියක්, රුපියල් 85000 ක් වටිනා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා රැගෙන ගොස් ඇත.
කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුවට කිසියම් පුද්ගලයකු තට්ටු කරනු ඇසී ගොස් බැලීමෙන් පසු මෙම සිද්ධියට මුහුණපා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත්කරුවෙක් ඡන්දෙට. හ්ම්... පාරවල්, බෝක්කු මාසෙන් මාසෙට අලුත්වැඩියා කරල අපූරුවට තියාගනී.
අහා ඔය එන්නේ ප්‍රාදේශීය සභාවට කොන්ත්‍රාත්කරුවෝ...!
මාලිමාවුනුත් එහෙමයි, ඉස්සර භීෂණ කාලේ අපේ ලොකු අප්පච්චි මරන්න ආවේ එහෙම
ඒ කාලේ කසිප්පු පෙරපු අයට, ස්ත්‍රී දූෂකයින්ට ඔහොම වුණා වගේ පොඩි මතකයක් තියෙනවා, මිස්ටර් ගුණරත්න.
ගුණරත්න, මුත්තගෙ අයිඩෙන්ටිය තවම හොයනවාද? පහුගිය ඡන්ද දෙකේදීම ඕක ගැන වැලපුණා සමහරු...
ඡන්දෙ ලග නිසා මාලිමා කාලකන්නින්ගේ ෆේක් ප්‍රොෆයිල් ටික ආයේ ඇක්ටිව් කරලා තියෙන පාටයි. රටේ ආරක්ෂාව බලු වෙලා පොලිසිය කියලා ඇවිත් කොල්ල කෑවාය කියන නාරණය පැත්තක තියෙද්දි කොල්ල කෑමට ලක් වුනු කෙනාගේ රැකියාව හොයනවා.