
(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඉඳුරුවගේ )
රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය.
පදිකයන් මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී සිදුවන රථවාහන වැරැදි ඡායාරූප ගෙන හෝ වීඩියෝ ගතකර මෙම යෙදවුම මගින් පොලිස් මූලස්ථානය වෙත යොමුකිරීමට හැකියාව ඇත.
එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානයේ ඇති මෙහෙයුම් මැදිරිය මගින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අදාල ආයතන වෙත යොමු කිරිම සිදුකෙරේ.
මෙම යෙදවුම www.police.gov.lk නැමැති පොලිස් නිල වෙබ් අඩවිය මගින් බාගත කළ හැකිය.
රථවාහන වැරැදි අවම කරගැනීම සදහා මහජනතාවගේ සෘජු දායකත්වය ලබා දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැයෙන් ඇප් එක පිරිලා ජෑම් වෙයි.
අනේ බුදධිමත් මහත්වරැනේ, මම ව්‍යංගයෙන් කිව්වෙ, ඒ තරමට ලංකාවෙ රථ වාහන වැරදි වෙනවා කියලා විතරයි. මගේ අතින් වරදක් වුනානං හෝ කාගෙ හරි හිත රිදුනනං සමාවෙන්න.
ඇප් එක නෙමෙයි වෙබ්සයිට් එකම වැඩ නෑ කියහන්කෝ