IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා "සින්ගල් කැබ්" රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඊයේ (15) අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යයාලය පැවැසුවේය.

ඉන්දීය රජයෙන් ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ අවම වශයෙන් ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවම වශයෙන් කැබ් රථ 80 ක් ලබාදෙනු ඇති බවත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.



අදහස් (10)

පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක්

Perera Thursday, 16 January 2025 10:59 AM

පැජරෝ , මිට්සුබිෂි, ටොයොටා වාහන පාවිච්චි කරපු පොලිසිය අද මහින්ද්‍ර, ටාටා, බජාජ් වාහනවලට බැහැලා

:       1       23

pj Thursday, 16 January 2025 11:04 AM

පොලිසියට සිංගල් කැබ් මොනව කරන්නද...නිකං දෙන හින්දද?.. සිස්ටම් ඡේන්ජ් කියන්නෙ මේවටද?...

:       5       22

cham Thursday, 16 January 2025 11:09 AM

මම සිතනවා. සිංගල් කැබ් රථය වැදගත් නොවේ. කැබ් 40ක් වුනත් ඩබල් කැබ් එක ගන්න එක හොඳයි. තනි කැබ් රථයක යා හැක්කේ රියදුරෙකුට සහ එක් නිලධාරියෙකුට පමණි

:       2       19

ජිල්බු Thursday, 16 January 2025 12:27 PM

ඇයි, ඔලු පලපු, කකුල් කඩපු උද්ඝෝෂකයො විස්සක් විතර පිටිපස්සෙ ගෙනියන්න පුළුවන්නේ.

:       1       15

wedage Thursday, 16 January 2025 12:21 PM

"වාහලක් ගහලා සීට් ටිකක් දාලා යන්න පුළුවන් නෙ."

:       1       10

Srinath priyantha karunarathna Thursday, 16 January 2025 12:36 PM

අලුතින් ගන්නේ මොකටද ,වැඩිපුර තියන වාහන පාවිච්චි කරන්න පුළුවන් ,,,පහුගිය දවස්වල පෙන්නුවේ

:       2       7

ලසන්ත Thursday, 16 January 2025 12:48 PM

පිටිපස්සේ ආවරණයක් ගැහුවාම තව 7ත් 8ට දෙනෙකුට යාහැකිය. නැත්නම් ඕනෑම හදිසියකදී දුරබැහැර පොලීසි වලින්, බොහෝ විට ලැබෙන පිලිතුර "එන්න වාහනයක් නෑ" කියන එකයි.

:       2       9

වැඩ නොබලන පොලිස්පති Thursday, 16 January 2025 05:37 PM

pj වගේ අය පටවන්න පුළුවන්නේ පිටිපස්සේ බක්කියේ...!

:       1       4

Nandalal DE SILVA - FranceThursday, 16 January 2025 10:58 PM

බක්කියේ බඳින්න ඇතිවෙන්න ගොන්නු මේ රටේ ඉන්නවා නේ දැන් කාලේ

:       0       2

වික්‍රම විදුර Friday, 17 January 2025 07:30 AM

පිටිපස්සට යකඩ පෙට්ටියක් ගහලා බංකු ටිකක් දානවා. පට්ට සේෆ්... හා හා හා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site