
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා "සින්ගල් කැබ්" රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඊයේ (15) අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යයාලය පැවැසුවේය.
ඉන්දීය රජයෙන් ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ අවම වශයෙන් ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවම වශයෙන් කැබ් රථ 80 ක් ලබාදෙනු ඇති බවත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැජරෝ , මිට්සුබිෂි, ටොයොටා වාහන පාවිච්චි කරපු පොලිසිය අද මහින්ද්‍ර, ටාටා, බජාජ් වාහනවලට බැහැලා
පොලිසියට සිංගල් කැබ් මොනව කරන්නද...නිකං දෙන හින්දද?.. සිස්ටම් ඡේන්ජ් කියන්නෙ මේවටද?...
මම සිතනවා. සිංගල් කැබ් රථය වැදගත් නොවේ. කැබ් 40ක් වුනත් ඩබල් කැබ් එක ගන්න එක හොඳයි. තනි කැබ් රථයක යා හැක්කේ රියදුරෙකුට සහ එක් නිලධාරියෙකුට පමණි
"වාහලක් ගහලා සීට් ටිකක් දාලා යන්න පුළුවන් නෙ."
අලුතින් ගන්නේ මොකටද ,වැඩිපුර තියන වාහන පාවිච්චි කරන්න පුළුවන් ,,,පහුගිය දවස්වල පෙන්නුවේ
පිටිපස්සේ ආවරණයක් ගැහුවාම තව 7ත් 8ට දෙනෙකුට යාහැකිය. නැත්නම් ඕනෑම හදිසියකදී දුරබැහැර පොලීසි වලින්, බොහෝ විට ලැබෙන පිලිතුර "එන්න වාහනයක් නෑ" කියන එකයි.
pj වගේ අය පටවන්න පුළුවන්නේ පිටිපස්සේ බක්කියේ...!
පිටිපස්සට යකඩ පෙට්ටියක් ගහලා බංකු ටිකක් දානවා. පට්ට සේෆ්... හා හා හා..