
(සිතුම් චතුරංග)
තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
පහරදීම් සිද්ධියක් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි තමන්ට වාසිදායක ලෙස කඩිනමින් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ඩි. එන් චතුරංග මහතා වෙත බලපෑම් කරමින් සැකකාර පුද්ගලයා පන්දහසෙ මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක්තුළ රුපියල් පනස්දහසක මුදල ස්ථානාධිපතිවරයාගෙ මේසය මත තබා අැති බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරු හට විදේශගතවීමටත් අවශ්‍ය බැවින් පැමිණිල්ල තමන්ට වාසිදායක ලෙස විසදා දෙන ලෙසට පොලිස් නිලධාරීන් වෙතද බලකර අැති බවත් මුදල් ලබාදෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද පොලිසියෙ ඔක්කොම නරකයි කියන්නේ! දැන් ඔප්පු වෙනවනේ මේ වගේ අය එක්කෙනෙක්, දෙන්නෙක් හරි ඉන්නවා කියල ...
ඒ මනුස්සයාගේ ඉල්ලීම අතිශය සාධාරණයි අවුල තියෙන්නේ අල්ලස් දීමයි