
(ජේ.ඉඳුරුවගේ )
ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ "පොලිස්පතිට කියන්න" (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 6) යළි ස්ථාපිත කළ මෙම සේවාව මගින් පොලිස් සේවය පිළිබඳව අදහස් හා යෝජනා මෙන්ම පොලිස්පතිවරයාගේ අවධානයට යොමුවිය යුතු ඕනෑම ආකාරයේ පැමිණිල්ලක් පොලිස්පති වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට මහ ජනතාවට අවස්ථාව සැලසෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
කඩිනමින් ප්‍රතිචාර දක්වනු ලබන මෙම සේවාව ලබාගැනීම සඳහා www.police.lk නිල වෙබ් අඩවියේ E-Service යොමුවට පිවිස Tell IGP අයිතමයේ සඳහන් පෝරමයේ සත්‍ය තොරතුරු සටහන්කරමින් පැමිණිල්ල ඉදිරිපත්කිරීම සිදුකළ යුතුය.
පොලිස් ස්ථානයේ සටහන් කළ ඔබේ පැමිණිල්ල නිසි විමර්ශනයට බඳුන් නොවන බව හැගෙන්නේ නම් ඒ බව පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මගින් පොලිස්පති වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරනවා ද කියලා ටෙස්ට් කලාද?
මහජන අදහස් සහ යෝජනා සඳහා මෙහි කොළමක් නැත පැමිණිලි පමණයි.
රටේ සල්ලි අපරාදේ... මේවා පටන් ගන්න වේගෙන්ම ඉවර කරනවා...
මේවා පටන් ගන්න වේගෙන්ම නවත්තනවා. දැන් වැඩ නැහැ.
මට තියෙන්නේ අංක 10 පරණ ජාතික හැදුනුම්පතක්. ඒ නිසා පැමිණිලි යොමු කිරීමට නොහැක. අළුත්පතක් ලබා ගැනීමට නොහැකි ය... ජායාරූපය නව හැදුනුම්පතට සරිලන්නේ නැති නිසා.
ස්පාඤ්ඤයේ සිට ගොඩක් හොදයි මම පොලිස් ස්ථානය තෙල්දෙණිය පොලිස් අධිකාරි තුමාට තොල් ගන්නා එක නමිබර් එකක් අන්සර් කරන්නේ නැහැ ... අපේ පොලිස්පතිතුමියගේ වැඩ පිළිවෙල ඉතාමත් අගය කරනවා. ලංකාවේ කාන්තා කාර්යංශය පෝන් නම්බර් අහිංසක කාන්තාවට ලියන්න නම්බර් ලාබාල දෙනවා නම් අගය කරනවා... ස්තුතියි පොලිස්පති තුමනි...