IMG-LOGO

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසියක් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන සීයක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

රහස් පොලිසියේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින්ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සන්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

 

 



අදහස් (1)

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජයනාත් Friday, 16 May 2025 07:23 AM

දහස් ගණනක් සිවිල් සහ ආරක්ෂක අංශවල මූලික අයිතිවාසිකම් කඩපුවා මතක් කරගත්තොත් නරකද.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 79 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site