
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ ගැටමකින් සිසුන් දෙදෙනකු තුවාලැබීම මෙම තීරණයට හේතුව බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
එම සිසුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
එවැනි වාතාවරණයක් තුළ ඉකුත් 15 වැනි දින රාත්‍රී කාලයේදී නැවතත් සිසුන් එක්රැස්වී ගැටුමකට සූදානම් වන බවට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට වාර්තා වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කොට සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිසත් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩවීම වැළැක්වීමටත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය කල්යාම වැළැක්වීමටත් ගැටුම ව්‍යාප්ත වීම අවම කිරීමටත් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙන් උපකුලපතිවරයාට පැවරී ඇති බලතල අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඉහත නියෝගය නිකුත් කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
Janitha Friday, 17 January 2025 12:50 AM
ඔන්න හොඳට හම්බවෙන්න යන්නේ
අන්තරේ කොල්ලෙක් Friday, 17 January 2025 06:59 AM
පෙම්බර මදූ මගේ, මා නැතේ ඔබෙන් මිදුණේ ...
Lalith Friday, 17 January 2025 07:49 AM
දායක සභාව සාදු නාදයක් දෙන්න බලන්න