IMG-LOGO

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාල අනුකාරක සභා  පිහිටුවා ඇත.

අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන අනු කාරක සභාවේ සාමාජික  මන්ත්‍රීවරුන් ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර මන්ත්‍රීවරුන්  පත්  කර තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වන අනුකාරක සභාවට  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක මන්ත්‍රීවරු පත්ව සිටිති.

ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවට චතුරංග අබේසිංහ (සභාපති), රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් මන්ත්‍රීවරුන් පත්කොට ඇත.



අදහස් (2)

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක්

යෝගා Tuesday, 01 April 2025 05:07 PM

මේවායේ සභාපතිලත් ඉල්ලා අස්වෙයිද දන්නේ නැ මොංගල් ඇමතිගේ කුණුහරුප අහන් ඉන්න බැරුව.

:       0       0

ගුණරත්න Tuesday, 01 April 2025 05:34 PM

ප්‍රවාහන විශේෂඥයින් ඉන්නවා විශ්වවිද්‍යාල වල උන්ගෙන් උපදෙස් අරගන්නේ නැතිව ඔය නිකම්ම නිකන් මන්ත්‍රීලා මොනවා කරන්නද? ඒවත් නිකන් කාලේ කා දමන කතා සාප්පු, ආණ්ඩුව පත්වෙන්න කලින් කිව්වා නේ හැම රෙද්දටම විධිමත් සැලසුම් තියෙනවා කියලා, කෝ ඉතින් ඒවා? පොරොන්දු වූ පරිදි ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න, එහෙම නැතිව මේ මන්ත්‍රීලා ඉන්න කමිටු කියන්නේ තවත් නාස්තියක් විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site