IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා

(සුජිත් හේවාජුලිගේ)

නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ.

මෙම දීමනා කප්පාදුව හේතුවෙන් එම සේවකයන් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.

අතිකාල දීමනා නොමැතිකම මෙන්ම වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා කාලයක් තිස්සේ නොකඩවාම ලබා දී තිබූ බව පැවසේ.

දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද සූදානම් වන බව දැනගන්නට ඇත.

 



අදහස් (7)

පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා

බටලන්දේ ප්‍රේමවතී Sunday, 30 March 2025 08:52 AM

පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ඕන තරම් සූදානමින් එලියේ අය ඉන්නවා. පන්දමට රස්සා ගත්තු, විශේෂයෙන්ම රාජපක්ෂලගෙ බැලයෝ, එලවලා පක්ෂ පාට බලන්නැතුව කට්ටිය බඳවගන්න. වැඩත් ලස්සනට යයි..

:       21       65

Edward Sunday, 30 March 2025 06:12 PM

අංගොඩ රෝහලෙන් පැනපු පිස්සෙක් හෝ පිස්සියක් වුනත් ඉදිරිපත්කල අදහස නම් ඉතාමත් නිවැරදියි පාර්ලිමේන්තුව ආරම්භ කල දිනයේ සිට සාමාන්‍ය ජනයාට එහි රැකියාවකට යන්න ලැබුනේම නැහැ හැමදාම බදවා ගන්න ඇත්තෙ හිටපු එවුන්ගෙ නෑයො වගේම දේශපාලුවන්ගෙ හෙංචයියො වෙන්න ඇති.එහෙම කියන්නෙ කිසිදාක විවෘත තරග විභාගයකින් එතැනට බදවා ගැනීම කිරීමට (මෑතකදී සිදුකල අයදුම්පත් කැදවීම හැර) අයදුම්පත් කැදවීමක් දැකලම නැහැ ඔය අඩුකලා කිව්වට තවමත් ඔවුන් ලබන වැටුප් හා දීමනාත් ලැබෙන පහසුකම් රජයේ ඉහලම තනතුරක් දරණ අයෙකු ලබනවාට වැඩි ඇති.

:       2       0

සෙනෙවිරත්න Sunday, 30 March 2025 02:04 PM

දැන් අඩුවට කෑම නැති නිසා අමාරුව තවත් වැඩි ඇති.

:       1       0

පිටිගල මිලානෝ Sunday, 30 March 2025 02:36 PM

පල නොකියා පළා බෙදන්න ඔය බත්බැලයොන්ට. අළුත් තරුණ නිලධාරින් අඩුදීමනා යටතේ බදවා ගන්න. ඕකේ ලොකුම පුටුවල ඉන්නේ රාජපක්ෂ සුරතලුන්…

:       1       0

සුනිල් වටගල Sunday, 30 March 2025 04:26 PM

පාර්ලිමේන්තුවේ විධායක ඉහළ කාර්ය මණ්ඩලය හැමදාම ඉහළ වැටුප් සහ වරප්‍රසාද සෙසු සමාන්තර රාජ්‍ය සේවයට සහ තම රාජකාරී ක්‍ෂේත්‍රයට පරිබාහිරව අයථා ලෙස භුක්ති විඳිමින් සිටිනවා. එම වරප්‍රසාද කප්පාදු කිරීම සහ සියලුම සේවකයන්ට නොමිලේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ලබා දෙන ආහාර සඳහා බදු ගෙවන මහජනතාවගේ අති විශාල ධනස්කන්ධයක් පාර්ලිමේන්තු සේවකයන් පමණක් භුක්ති විදීම අතිශය ලැජ්ජා සහගතය. මේවා නැවත්වීමට ආණ්ඩුවට පිට කොන්ද තිබිය යුතුය.

:       3       1

Rashad Sunday, 30 March 2025 06:00 PM

ඔවුන් දැනටමත් අන් අයට නොලැබෙන බොහෝ පහසුකම් , වරප්‍රසාද ගන්නවා . ඔවුන් වැඩ වර්ජනය කළහොත්, ඔවුන්ව සේවයෙන් පහ කර, රැකියා විරහිත උපාධිධාරීන්ට සහ අනෙකුත් සුදුසුකම් ලත් තරුණයින්ට එම රැකියා ලබා දෙන්න, ඔවුන්ට වඩා හොඳ සේවයක් ලබා ගත හැකි බව මට විශ්වාසයි.

:       2       1

දිමුත්Tuesday, 01 April 2025 03:54 PM

මේක නම් ඉරිසියාවෙන් දාපු කමෙන්ටුවක් වගේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site