
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය.
ඇය මෙරට ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක නඩු විභාග ගණනාවක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පළපුරුදු විනිසුරුවරියකි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ගෙන ඇති තීරණයක් අනුව මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි.
හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු සේවාකාවන්ගේ හිංසන සොයන්න හිටපු විනිසුරුවරියක්