
(රෝෂන් තුෂාර)
දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාල දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවය.
ඊට පිළිතුරු ලබා දුන් නීති නිලධාරී අනුර ජයසිංහ මහතා කියා සිටියේ වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇතිබවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීප ව්‍යාප්තව ව්‍යාප්ත කරලා තියෙනවා නම් ඉතින් හරිම තමා.
පැකට් සහ ටින්කල ආහාර වල ඇති නුගුනත් සොයා බලන්න.
SMS, WhatsApp පණිවිඩ, ඉමේල්, TV දැන්වීම් දාන්නකෝ .වඩාත් කාර්යක්ෂමව මිනිසුන් දැනුවත් වෙනවා
අපිනම් කිසි දෙයක් දන්නේ නෑ මේකට මාද්‍ය බාවිතා කරන්න පැමිණිලි දාන්න තැනක් හදුන්වා දෙන්න
මහ බැංකුව බලන් ඉන්නව මිනිස්සුන්ව මූල්‍ය ආයතන හූරගෙන කාල ඉවර කරනකන්. සමහර ආයතන ලීස් එක ඉවර කලාම ඩිලීශන් ලියුම දෙන්න 3500/-ක් ගන්නව. මේ වගෙ මිනිස්සුන්ව හූරන් කනව. ඔක්කොම නිදි