
(අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් පැය 72 ක රඳවා ගැනීමේ කාලය පැය 48ක් දක්වා අඩු කිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතට වර්තමානයේදී පුද්ගල කණ්ඩායම් දෙකක් විරෝධය ප්‍රකාශ කරන අයුරු දැකගන්නට තිබෙන බව කී ජනාධිපතිවරයා පළමු කණ්ඩායම අපරාධ කරුවන්ගේ රැකවරණය ලබන අය බවත් දෙවෙනි කණ්ඩායම මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දු කණ්ඩායම බවත් සඳහන් කළේය.
එම දෙවැනි කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව කී ජනාධිපතිවරයා පළමු කණ්ඩායමට කරන්නට දෙයක් නැති බව කීය.
එමෙන්ම සිරුරේ පච්ච කෙටීම සම්බන්ධයෙන් අදාළ පනතේ සඳහන් කාරණය ලංකාවට අවශ්‍ය නැතිනම් එයද ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම සුරා බදු පනත යටතේ දක්වා ඇති වැරදි වලට සංවිධානාත්මක අපරාධ පනත යටතේ ක්‍රියා කිරීමේ වගන්තිය සංශෝධනය කිරීමටද සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටම එකට ජාතික මෙහෙයුමේ වසරක ඇගැයුම් සර්ව ආගමික සමුළුව අමතමිනි.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම සමුළුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න ඕනෑලු කිරි එරෙන්න. පොතේ ගුරාට යාන්තම් යම් යම් දේවල් තේරෙන්න පටන් අරන් වගේයි. මනුස්සකමට පළමු තැන දීලා, මහජනතාවගේ හඬට ඇහුම්කන් දීලා යහපත් විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. ඔබතුමා කූඩුවලට එබ්බවී හුණු දරුවන්ගේ දෙමාපියන්ගේ කඳුළු, දුකේ වේදනාව ගැන කතා කරනවා. කිසිම වරදක් නැතුව කුඩු දාලා අනාගතය විනාශ වෙන විදිහට වැඩ කරන පොලිසිය හින්දා තමයි දරුවන් වෙනුවෙන් කඳුළු හෙළන අම්මලා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? ඔබතුමා හෙළන්නේ බොරු කිඹුල් කඳුළු. ඔබතුමාවත් ඔය දුරයෙන් එළවලා දාන්න මහජනතාවට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඇවිස්සුණොත්. මිනිසුන් තලා පෙළන නීති ගෙනෙන්නේ නැතුව මහජනයාගේ සුබසිද්ධිය සඳහා හරියට වැඩ කරන්න. ඔබතුමා මේක කියවලා බැලුවොත් හොඳයි.
මේ කාලකන්නි පාහරයගෙ මූන දාන්න එපා කරුණාකරල. අප්පිරියයි
@Bunny ගෙ අදහසට මමත් එකඟයි. මුන්ව එලවලා කලින් හිටපු ධාර්මික පාලකයන්ව නැවත ගෙනල්ල රට තිබුණ විදියට සුඛිතමුදිත කරන්න ඕන.