
(නවරත්න සමරතුංග සහ දයානන්ද අධිකාරි)
කලකට පෙර පෙම්වතුන්ව සිට පසුව විවාහයට අකමැති වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද තියුණු ආයුදකයකින් ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පදියතලාව පොලිසිය කියයි.
දියණිය බේරා ගැනීමට ආ තරුණියගේ මව සහ පියා ද සැකකර තරුණයාගේ පිහි පහර කා රෝහල් ගත කර ඇත.
තුවාල ලබා සිටි තරුණියගේ මව සහ පියා මහඔය රෝහලටත් එතැනින් පදියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා මඩකළපුව රෝහලට මාරු කර යවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව ද එම රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.
ඝාතනයට ලක්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ තනුජා උදයංගනි 23 නැමැත්තියකි. ඇය මරංගල” දොරකුඹුර” පදියතලාව ලිපිනයේ පදිංචිකාරියකි.
තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සියදිවි නසාගත්තේ යැයි සැකකරන තරුණයා මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන වීරසිංහ දවුන්ධරයාලාගේ සුමිත් හේමින්ද 23 නැමැත්කෙකි. ඔහු මොනරාගල ප්‍රදේශයේ බේකරියක සේවය කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වාර්තා කරද්දී පරිස්සමෙන් කරන්න
කොහොමද ඔප්පු කරන්නේ. වෙන කවුරුහරි දෙන්නගෙම බෙල්ල කපලා භාවිතා කළ පිහිය හෝ ආයුධය පෙම්වතාගේ අතේ දාලා ගිහිල්ලා තිබුනොත් , සැලසුම් සහගතව කරන ලද මනුෂ්‍ය ඝාතන දෙකක් විය හැකිය. මෙවන් මරණ සම්බන්ධව එහෙම තොරතුරු ලැබුණු පලියටම ඉක්මනින් අවසන් නිගමන වලට එළඹෙන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි
මෙහෙමත් නරුමයෝ...