
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සොරා ගත් පාපැදි 170 ක් සමග මට්ටක්කුලිය සමගිපුර ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශය කියයි.
එම පාපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වේ යැයි පොලිසිය කියයි. මෙම පාපැදි තොගය දිවයිනේ පොලිසියකින් එකවර සොයාගත් වැඩිම පාපැදි තොගය බව පොලිසිය සඳහන් කරයි.
මට්ටක් කුලිය සමගිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සොරාගෙන ඔහු වෙත රැගෙන එන ලද පාපැදි ඉතා අඩු මුදලට රැගෙන විකුණන බවට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද රහසිගත තොරතුරකට අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන නිවස තුළ සිදු කළ පරික්ෂාවේදී ඒ තුළ ගබඩා කර තිබූ පාපැදි තොගය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd