IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පන්ති කාමරයට අත්තක් කඩා වැටී සිසුවෙක් මරුට: 17ක් රෝහලට

( වයි.ඒ.එස්.වීරවංශ , සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  රජවක මහා  විදුහලේ  ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා  වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත්  17කු පමණ තුවාල ලබා   ඇතැයි පොලීසිය කියයි.

ප්‍රදේශයට වර්ෂාවත්  සමඟ  පැවැති  තඳ  සුළං  තත්ත්වය  හේතුවෙන්  මෙම  ගස  මෙලෙස  කඩා  වැටි  තිබේ.

12 සහ 13 ශේණිවල ඉගනුම ලබන  දරුවන් පිරිසක් මෙලෙස රෝහල් ගත  කර  තිබේ.

තුවාල ලැබු සිසුන් මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර  ලබති.

(ඡායාරූප: වයි.ඵ්.ඵස් වීරවංශ)

මියගිය සිසුවා



අදහස් (7)

පන්ති කාමරයට අත්තක් කඩා වැටී සිසුවෙක් මරුට: 17ක් රෝහලට

සාලිය Thursday, 12 June 2025 04:36 PM

කොළඹට කිරි බලංගොඩ ට කැකිරි...

:       4       12

Pradeep Kumara Thursday, 12 June 2025 04:53 PM

මේ සිදුවීමට කොළඹ සම්බන්ධයක් නෑ නේද සාලිය මහත්මයා. ගහක් කඩා වැටිලනෙ තියෙන්නේ. ඔය වගේ සිදුවීමක් ඕනෑම පලාතක වෙන්න පුළුවන්. වැසි සහ සුළං සහිත දින වලදී ජනයා ගැවසෙන තැන් වල ඇති විශාල ගස් ගැන සෙවිල්ලෙන් ඉන්න එක වටිනවා. වැඩි අතු කපා දමා ගස සැහැල්ලු කරන්න පුළුවන්නම් වටිනවා.

:       0       1

Gayan Thursday, 12 June 2025 05:19 PM

බෝ ගසක් වුවද අනතුරුදායක නම් ඉවත්විය යුතුය. මියගිය දරුවාට නිවන් සුව

:       0       2

මාවිල්මඩ වජිර හිමි Thursday, 12 June 2025 05:35 PM

බෝ ගස් තියෙන්න ඕනෑ පන්සල් වල​.... ඉස්කෝල වල නොවෙයිනේ...!

:       0       1

Asela Thursday, 12 June 2025 05:58 PM

වැටිලා තියෙන්නේ බෝ ගහක් නේද ? පන්ති කාමර ළඟ ලොකු ගස් තියාගෙන හිටියට කවුරුවත් බනින එකක් නම් නැහැ මේ සැරේ...!

:       0       1

Bunny Preena Friday, 13 June 2025 09:06 AM

බොහෝ විදුහල්වල ඉන්න විදුහල්පතිවරු මෙලෝ රහක් නැති එවුන්. ළමයින්ගේ ආරක්ෂාව ගැන කිසිම වගේ වගක් නැහැ.

:       2       2

සෙනෙවිරත්න Friday, 13 June 2025 11:15 AM

වස් වදිනවට බයේ මේක බෝ අත්තක් කියන්නෙ නැහැ. අනතුරු දැක දැකත් ඔක කපන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ වස් වදිනවට බයේ. ප්‍රින්සිපල් ගස් නැගල කැපුවොත් මිස , අනෙක් අතින් වියදම. මේ පලාතෙ පාරට කපන විශාල බෝගස් කපන්නෙ වෙනත් ආගමිකයො. වස් වදනවද දන්නෙ නැහැ. ලෝකෙටම කරුණාව මෛත්‍රී කියාදුන් මහාකාරුණිකයාන් සලකන්නෙ වස් වද්දන කාලි ගානට. ඕකයි සමහරුක්නෙ ආකල්පය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site