
(රන්ජන් කටුගම්පොල)
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙසේ දැනුම් දෙනු ලැබුවේ පනත් කෙටුම්පතට එරෙහිව තිබූ පෙත්සම්පහක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.
ප්‍රයිම් ලැන්ඩිසමාගම හොම් කැන්ඩි සමාගම සහ ගොඩනැගිලි බදු දීම මගින් ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් පිරිසක් විසින් ගොනුකොට ඇති මේ පෙතසම්වල න් වගඋත්තර ගරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙයක අවුරුදු 10කට වඩා වැඩි කාලයක් කුලියට පදිංචිවෙලා හිටියොත් එම නිවස එහි පදිංචිකරුවන්ට අයිති වෙනවායි කියන ගොන් මිථ්‍යා මතය කරපින්නාගෙන ගෙවල් අයිතිකරගන්න මාන බලාගෙන ඉන්න සමහර කපටි කයිරාටික් කුලී නිවැසියන්ගෙන් ගෙවල් හිමියන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක්ත් සකස් කරන්න. කුලියට දෙන නිවාස අය කරනා කුලියට සරිලන මිනිස් වාසයකට සුදු මට්ටමෙන් තියෙනවාද කියාත් සොයා බලන්න.
සලකා බලන්න නෙමෙයි ඕක කොහෙත්ම ඕනේ නෑ. ජනතාවට කොහෙත්ම ඕනෙ නැති අනුන්ගෙ ගෙවල්වල නිකන් ඉන්න බලන කපටින්ට වාසිදායක පනතක් කාගේ උවමනාවටද ඔය ගේන්නේ? ඕව කරන්න නෙමෙයි අපි මෙයාලට ඡන්දය දුන්නේ.
ගේන ගේන පනත් කෙටුම්පත් රිවස් මාලිමාවේ රිවෙර්ස් පාලනය
දෙපාර්ශවයටම සාධාරණයක් විය යුතුයි. ඔවැනි පනත් ගේන්න කලින් සියලු පාර්ශ්වයන්ගෙ මතය විමසුවානම් ඔහොම වෙන්නැහැ