(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (3) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට සංශෝධන එකතු කිරීම සහ තුන්වැනි වර කියවීම පසුව කෙරෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පතේ සදහන් අධිකාරිය මාස හයක් ඇතුළත සූදානම් කරන බවත් විවිධ ආයතන අනවශ්‍ය ආකාරයට පුද්ගලයන්ගේ දත්ත එක් රැස් කිරීම මෙමගින් වැළකෙන බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය
ජනතාව දෙන දත්ත පාවිච්චි කර යම් ආයතනයක් වරදක් කළොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙන බවත් යම් අගතියක් සිදුවී ඇත්නම් මින් ඉදිරියට අධිකාරියට පැමිණිලි කිරීමෙන් ජනතාවට සහනයක් ලබාගත හැකි වන බවත් ඔහු සඳහන් කළේය.
එම සහනය ගැන සෑහීමට පත් නොවන්නේ නම් අධිකරණයට ගොස් වන්ඳි ලබා ගැනීමටද මෙමගින් ප්‍රතිපාදන සැලසෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි