IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාතාලකරුවන් කොටු කරන්න ගුවන් නාවික මෙහෙයුමක්

(සුජිත් හේවාජුලිගේ)

පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමට සහ මත්ද්‍රව්‍ය  ඇතුළු විවිධ ජාවාරම්  සඳහා  නිතර යොදා ගන්නා බවට රජයේ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ  ඇති යාපනය හලාවත දෙවුන්දර ඇතුළු   මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල්  දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම මුහුදු කලාප ඉලක්ක කර නාවික සහ ගුවන් මෙහෙයුම්ද වැඩි කිරීමටපියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ධීවර බෝට්ටු යොදා ගනිමින් කෙරෙන මිනිස් ජාවාරම් නැවතත් වැඩි වී ඇති අතර  යාපනය සහ හලාවත මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් එම  ජාවාරම් වැඩි වශයෙන් සිදුවන බව ආරක්ෂක අංශ නිලධාරීහු පෙන්වා දෙති.

ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් බලා යාත්‍රා කිරීම වෙනුවට  හලාවත ප්‍රධාන වයඹ සහ බටහිර වෙරළ තීරයේ සිට ප්‍රංශයට අයත් 'රීයූනියන් (Réunion)'  දූපතට නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් පලා යෑමේ වැඩි  ප්‍රවණතාවක් මෑතක සිට දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ  ජාවාරම්ද ඉහළ ගොස් ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.

පාතාල නායක ගනේමුල්ල සංජීව  නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින  ඉෂාරා  සෙව්වන්දි සහ  තවත් පාතාලකරුවන් රැසක්   හොර රහසේ ඉන්දියාවට පැන ගොස් ඇත්තේද යාපනය මුහුදු තීරයෙන් බව බුද්ධි අංශ වලට  තොරතුරු අනාවරණය වී ඇත. ඒ ධීවර බෝට්ටු යොදාගෙනය.

මුල් කාලයේදී මෙම මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට පැමිණියේ හෙරොයින්  නමුත් දැන් වැඩි වශයෙන් පැමිණෙන්නේ කේරල ගංජා සහ විවිධ වේදනානාශක ඖෂධ වර්ග  බව පැවසේ.

මෙම ඖෂධ කරල් ගෙන්වීමේ ජාවාරම පිටුපස ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්ද  සිටින බවට රජයේ බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇත.

මෙයට අමතරව ඉන්දියාවේ සිට  යාපනය මුහුදු තීරය හරහා  කහ සහ ඉඟුරු ජාවාරමක්ද සුලභව සිදුවන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මේ අතර පාතාලකරුවන් සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  විදේශයන්ට කැටුව යන ධීවරයන්  පිරිසක්  පිළිබඳවද  බුද්ධි අංශවල අවධානය යොමුව ඇත.


 



අදහස් (1)

පාතාලකරුවන් කොටු කරන්න ගුවන් නාවික මෙහෙයුමක්

janahitha Monday, 20 October 2025 08:54 AM

කේරල ගංජා නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site