IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පතලකට වැටි මෝටර්රථ කාර්මිකයා මරුට

(ප්‍රසාද් රුක්මල් )

පස්සර ආගරතැන්න දෙමළ විදුහල අසල ඉඩමක පිහිටි අඩි 50 ක් පමණ  ගැඹුරු  අනාරක්ෂිත මැණික් පතලකට ඇද වැටුණු පුද්ගලයකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව අද (15) අලුයම මියගිය බව පස්සර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පස්සර කෙලින් වීදියේ පදිංචි ව සිටි මෝටර් රථ කාර්මිකයකු  ලෙස රැකියාව කල ඒ.එම්. තරිඳු  දිල්‍ රුක්ශ (39)  නැමත්තෙකු යැයි පොලිසිය කීය .

මොහු මිතුරෙකු සමග ඊයේ (14) රාත්‍රි ආගරතැන්න දෙමළ විදුහල ආසන්නයේ ඉඩමක පිහිටි මෙම මැණික් පතල අසලට එහි සිටින සුනඛයන් ට කෑම රැගෙන ගොස් ඇති බවත් , එසේ ගොස් මැණික් පතල අසල රැදී සිටියදි එය කඩාගෙන මෙසේ මොහු අඩි 50 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලට ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .

පසුව අවට පිරිසගේ සහය මත මොහු පතලෙන් ඉවතට ගෙන පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇතයි පොලිසිය පැවසීය .

 

 

 



අදහස් (0)

පතලකට වැටි මෝටර්රථ කාර්මිකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site