
(අංජුල මහික වීරරත්න)
පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-04-15 සිට 2025-10-14 දක්වා මාස හයක ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 5 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා සැපයුම්කරුවන් 7 දෙනකු ලංසු ඉදිරිපත් කර ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Agy Pte. Ltd. වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාවට තෙල් ගෙන එන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒවා සියල්ලම රහස් ගනුදෙනු ලෙසයි ක්‍රියාත්මක වුණේ. දැන් එහෙම නොවෙයි, ටෙන්ඩර් කැදවන විට වගේම ටෙන්ඩර් ප්‍රදානයත් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා පුරවැසියන් හැටියට අපගේ තොරතුරු දැන ගැනිමේ අයිතිය රැකිලා තියෙනවා.
අපට අමාරු කාලේ තෙල් දුන්නේ නම් ඕමාන සමාගමක්.