
(යොහාන් භාසුර)
රට තුළ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200 ක් හෙවත් පොල් ගෙඩි කෝටි 20 කට සමාන පොල් කිරි, පිටි සහ සීතකළ පොල් මද ලෙස ආනයන කිරීමට තීරණය කළ බවත් එම පොල් ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයන කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය.
මෙරට කර්මාන්ත සඳහා වර්තමානයේ පවතින පොල් අස්වැන්න අප්‍රේල් මස දක්වා ප්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත රැකගැනීමට මෙම තීරණය ගත් බවත් දේශීය පොල් තෙල් කර්මාන්ත සඳහා කොප්පරා නොවන වියලි හෝ කැබලි කළ පොල් කැබලි ආනයනය කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
දේශීය පරිභෝජනය සඳහා වන පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහන යටතේ ආනයන සඳහා අවසර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත් එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාව රජය යටතේ හාල් කිලෝව, ලුනු පොල් කට්ට පිටරටින් ගෙනාවා. දැන් පොල් බෑයත් එනවලු. ඊට පස්සේ මොනාද ආනයනය කරන්න වෙන්නේ? මහ භාණ්ඩාගාරය ඕවට ප්‍රතිපාදන වෙන් කරන තරම් ශක්තිමත් ද?
ඔය කටින්ම කරන්නේ නැහැ කිව්ව ඔක්කොම දේවල් සියල්ලම කළා. කටින් නම් නොවේ කතා කරන්නේ... වෙන කොහෙන් හරි.
කන්න නැත්නම් මොකද කරන්නේ නන්දලාල් මහත්තයා ජනතාව ගැන සිතා ගත් තීරණයක්. පාට කණ්නාඩිය ගලවා බලන්න...
නන්දලාල්, දැන් වාහනත් ගෙන්වනවා, ඔය පහුගිය කාලේ රටේ පොල් වගාව විනාශ කරනකොට, අඩු සැලකිල්ලක් දක්වනකොට ඔය නුවණ පහළ වුනේ නැද්ද? පොල් අපනයනය තමයි හිඟයට හේතුව, කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමෙන් අගය එකතුකර අපනයනයෙන් ඩොලර් වැඩිපුර ලැබෙනවා. මෙහෙ ගෙඩි පොල් හිඟය අඩුවෙනවා.. එතකොට තමන්ගේ වත්තේ පොල් ගහට සාත්තු නොකර පොල් නැහැ කියලා වැලපෙන පරාජිතයින්ට ලාබෙට පොල් කතහැකියි.
අනිවාර්යයෙන්ම පොල් වගාව කඩාවැටීමට හේතුවන ක්‍රියාවක්. දැනට පවතින තත්ත්වය අනුව පොල් ගෙඩිය රුපියල් සීයකටවත් ඉඩම්වලින් ගන්න ඕනෑ. හැමෝටම වැටුප් වැඩිවීම මත සියලු පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යනවා. ගොවීන්ට අවශ්‍යතා මිලට ගන්න ආදායම වැඩිවීම මදි. අනික වැඩි ඵලදාව සහිත පොල් වර්ග අභිජනනය කරන්න පොල් පර්යේෂණ ආයතනය අසමත්. සුදු අලියෙක් පමණයි.
පාරවල් වල කෑගගහ, හිඟා කකා හිටපු අයට රට කරන්න දුන්නාම ඔහොම තමයි.
වන්නකු පුන්නක්කුද කන්නේ...?
කලින් මේ වගෙ දෙයක් උනාම ලන්කාවේ ජනාධිපති කෙනෙක් ඕනද කියලා අව්වා මේ පචයා