
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී ඊයේ (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි "ද සන්" පුවත්පත වාර්තා කළේය.
ලිමොසීන් රථයේ එන්ජිමෙන් ගින්න ආරම්භ වී ඇතුළත දක්වා පැතිර ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.
මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහයක්දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර ඇත.
කෙසේ වෙතත් රථය පුපුරා යන අවස්ථාවේ එම රථය භාවිත කර ඇත්තේ කවුරුන්දැයි තොරතුරු හෙළිකර නොමැත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර හේතුවෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවද පැවැසුවේය. රථය ගිනිගැනීමත් සමග ඒ අසල ආපනශාලාවල සහ වෙළෙඳසැල්වල සිටි සේවකයන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බවත් හදිසි සේවා එම ස්ථානයට පැමිණ එම තත්වය පාලනය කර ඇත.
ඕරස් සෙනට් ලිමොසීන් රථය රුසියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථයක් වන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,55,796 කි. ජනාධිපති පුටින් මෙම මාදිලියේ රථයක් උතුරු කොරියානු නායකයාටද තෑගි කර ඇත.
මෙම සිදුවීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිසැකවම සිය ආරක්ෂාව තවත් දැඩි කරගනු ඇතැයි "ද සන්" පුවත්පත සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවට හා ලෝකයට අගනා අවස්ථාවක් අහිමිවුනාවත්ද?
ඔය පිපිරීම අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ යූක්රෙන බුද්ධි අංශ විසින් කියා, ක්‍රෙම්ලින් වල පූටින් ගෙ සට්ටැඹි රංචු ලොව පුරා පතුරුවා හරිමින් සිටිනවා... ගරා වැටෙමින් පවතින පූටින් ගෙ ජනප්‍රියත්වය ඉහල නැංවීම සදහා රුසියාවේ KGB රහස් ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව බටහිර බුද්ධි අංශ පවසයි... පව්... අනේ... පව්. පූටින් එවෙලේ එම රථයේ නොසිටි ඒක !!!