IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුංචි සභාවල වාහන දාහක් අතුරුදන්: සමහර ඒවා මස් කරලා

(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභාවන්හි සහ  නගර සභා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල වාහන දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වාහන බොහොමයක තොරතුරු පවා සොයා ගැනීමට  නොහැකිව  ඇතැයි පවසන එම ආරංචි මාර්ග සමහර වාහන කොටස්කර විකුණන්නට ඇතැයි  ප්‍රබල  සැකයක් මතුවන බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් කිසියම් රහසිගත  විමර්ශනයක් කරගෙන  යන බවයි.

එසේම මෙම  වාහන  කිසියම් හෝ ස්ථානයක රඳවා තිබේ නම් ඒවා නොපමාව ගෙන විත් බාර දෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

වාහන බාර නොදී කිසියම් ස්ථානයක තිබී අත්අඩංගුවට ගැනුණහොත් ඒවා ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව   නීතිය ඉතා දැඩිව   ක්‍රියාත්මක කරන බව  අමාත්‍යාංශය පවසයි.

පළාත් පාලන ආයතනවල  අතුරුදන් වාහන සම්බන්ධයෙන් විගණන අංශද වෙනම විමර්ශනයක් පවත්වයි.

පළාත් පාලන ආයතනවල වාහන  පසුගිය කාලයේදී විධිමත් ක්‍රමවේදයකින් තොරව පරිහරණය කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. ආයතන ප්‍රධානීන්ට වෙන් කෙරුණු වාහන යම් යම් දේශපාලනඥයන්ට හිතවත් සාමාන්‍ය සේවකයන් විසින් පාවිච්චි කෙරුණු අවස්ථාද නිරීක්ෂණය වූ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (5)

පුංචි සභාවල වාහන දාහක් අතුරුදන්: සමහර ඒවා මස් කරලා

Rata Perata Saturday, 04 October 2025 03:59 PM

පේනවනේ නේ හිටපු අයගේ වැඩ. පළාත් සභා අපේ රටට වැඩක්ම නෑ.

:       0       0

Perakum Liyanagama Saturday, 04 October 2025 04:24 PM

කොහොමද අලින්ගෙ අපේ වැඩ.! අපි පුංචි කාලෙ කියවපු “හීන් සැරේ” කටුස්සා තමයි ඔහොම කිව්වේ. තව කටුස්සෝ එයි ඉස්සරහට.

:       0       0

Perakum Liyanagama Saturday, 04 October 2025 04:28 PM

ගෝල බාලයින්ට ඕන දෙයක් කරගන්න ඇරලා ඇහැ කණ පියාගෙන හිටපු මහ එවුන්ටයි දඬුවම් දෙන්න ඕනෑ.

:       0       0

lakmal Saturday, 04 October 2025 06:01 PM

98...99 කාලේ සේරම වාහන වැඩිපුර වාහන සේරම හමුදාවට ගත්තා.. මේ අයට විකාර... මේ අය හදින් ආපු අයනේ ඉන්නේ...

:       0       0

Nimal Saturday, 04 October 2025 07:14 PM

අපි තමයි හොදටම කරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site