IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන  පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන්  පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ලැබිණ.

ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකුණු මන්ත්‍රීවරුද කිසිවකුත් නොසිටියහ.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ  පස්වරු 2.00 ට ආරම්භවී  සවස 7.00 දක්වා පැවැත්විණ.

විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 කට ආසන්න පිරිසක් අදහස් දැක්වූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා මුලින් කැඳවු නාම  යෝජනා අහෝසි කිරීමට අදාළ සංශෝධනයක් සහ එම  යෝජනා භාර දුන් අපේක්ෂකයන්ගේ අප මුදල් නැවත ලබාදීමට අදාළ සංශෝධනයක් මෙම පනත් කෙටුම්පතට  ඇතුළත් විය. මෙම සංශෝධන ඇතුලත් කරන්නේ නම් එම සංශෝධන විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ  බහුතර විනිසුරුවරු සිය මතය ප්‍රකාශ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය සටහන් කිරීම අද හෝ හෙට සිදුකිරීමට නියමිතය.

පනත බලාත්මක වන්නේ එවිටය.

පනත බලාත්මක වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (1)

පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි

Kazi Shajahan Monday, 17 February 2025 08:56 PM

එන්පිපි එකට පොඩි සිග්නල් එකක් දෙන්ඩ පුළුවන් ජනතාවට

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site