
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
නානායක්කාර මහතා මෙසේද පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද විපක්ෂය. ඔවුන්ට ආතල් ගන්න ඉඩදී අපි බලාගෙන ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවිච්චි කරන වචන හා විලාසයෙන් නම් ජනතාව දුක් සංඥාව තේරුම් ගත්තු බවක් නම් පෙනෙන්නේ නැහැ. ඔහොම යමු විපක්ෂය හොඳටම ජය සමරයි ළඟදීම. ඔයාලා හරි උද්ධච්යිඡ වැඩ බැරි වුණත්...
ඇත්ත තේරුම් ගැනීම ගැන ඔබට ස්තුතියි. නමුත් ඔබගේ කණ්ඩායමේ බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, කොට්ටහච්චි, හරිනි අමරසූරිය, හේවගේ, සරෝජා පෝල්රාජ් වැනි අය මෙම පල්ලම් බැසීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඔවුන් කන්ට්‍රෝල් කර නොගතහොත් විපක්ෂයේ සැමරීම වඩ වඩාත් වර්ධනය වී ඔබගේ පාලනයට කණකොකා හැඬීමට ඉඩ ඇත.
පිස්සුද? අපි ජේවීපී... ඒත් අපි ඡන්දෙ දුන්නේ නැහැ. බයවෙන්න එපා. අනුරව ගෙදර යවන්නේ නැහැ. අවුරුදු 10ම ඉඳලා මිසක්.
ලොකු තාත්තාද? බාප්පාද? දන්නේ නැහැ වාසුදේවගේ පක්ෂය ආණ්ඩුවට සහාය දෙනවා කිව්වාට එම පක්ෂයත් මෙවර ආණ්ඩුවට විරුද්ධව තරග කළා කියලා ආරංචි ලැබිලා තියෙනවා...
ඔයාගේ තමයි ගොඩක් වැරැදි තියෙන්නේ. පණ්ඩිතකම වැඩියි. ඒක හදාගන්න...!
ආතල් නෙමෙයි ඔය ඇමැතිවරුන්ගේ ආඩම්බරකම අඩු කරගන්න කියන්න. මිනිස්සුන්ට ඔය අහංකාර කතා අල්ලන්නේ නෑ.. දැක්කානේ ගෝඨාභයට වුණුදේ. අපිට වඩා නෑ කියලා හිතාගෙන හිටියේ. ඔහොම ගියොත් වැඩිකල් යන්න බැරිවෙයි. "අසීමිත බලය මිනිස්සු මොඩයෝ කරයි" කියලා හේරත් බණ්ඩා අයියා කීවා දවසක්...
අපිට නම් ඉස්සරම තේරුම් ගිය දෙයක් තමයි ජවිපෙ රට හැදිල්ල මිත්‍යාවක් කියලා, ඇත්තටම රට හදන මිනිහා කියව කියවා ඉන්නෙත් නැහැ. පහුගිය ආණ්ඩු නිලධාරීවාද ගැන නාහෙන් අඬන්නේ නැහැ... ඔක්කෝම එකතුකරගෙන වැඩ කරනවා. හොඳම උදාහරණය ප්‍රේමදාස ජනාධිපතිතුමා, රනිල් ජනාධිපතිතුමා, ඔවුන් නාහෙන් අඬන් හිටියේ නැහැ, ප්‍රශ්න වලට විසඳුම් දීලා පෙන්නුවා. කරන්න බැරිම දෙයක් නම් මිනිස්සු රවට්ටන්න ගියෙත් නැහැ. බැහැ කියලා කිව්වා, ඒත් මිනිස්සුන්ට ඒ දේවල් තේරෙන්නේ නැහැ.
කෝපි කාලෙට ගැලපෙන ගොන් රැළක් මෙම ආණ්ඩුවේ ඉන්නේ.