IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුංචි ආණ්ඩු හදන්න නීති සහය පතයි

 

(සුජිත් හේවාජුලිගේ )

පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටවීමට දේශපාලන පක්ෂ කිහිපයක්  අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහය ගැනීමට රහසිගත සාකච්ඡා අරඹා ඇත.

බලය පිහිටුවීමට සහය දෙන්නේ නම් විවිධ  තනතුරු  වරප්‍රසාද වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට  හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලුවක් මතුවුවහොත්  අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට  දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික  ධූර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ  සභා විසි නමයක සභිකධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධූර සංඛ්‍යාවට   සමාන වීම  මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සභාවලින්  බොහොමයකට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින  බව  දැනගන්නට ඇත.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය සභික ධූර 48ක් හිමිව තිබියදී විපක්ෂයට සභිකධූර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත්  එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන  බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

මේ තත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට ලොකු කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේයපුංචි ආණ්ඩු හදන්න



අදහස් (3)

පුංචි ආණ්ඩු හදන්න නීති සහය පතයි

NPP Saturday, 10 May 2025 12:04 PM

මේ තත්ත්වය අනුර දිසානායක ජනාධිපති පැහැදිලිව ප්‍රකාශ කළා... මැතිවරණ ප්‍රචාරක රැලිවලදී. නමුත් විපක්ෂය බොරු ප්‍රචාරයක් ගෙන ගියා. වත්මන් ආණ්ඩුව... පච ආන්ඩුව කියලා දැන් මොකද වෙලා තියෙන්නේ. ප්‍රශ්න ගොඩයි, ජනතාවට අමතක වුණා මොවුන් තාම පරණ හොරු කියලා. හොඳ වැඩේ...

:       5       5

prasanna Saturday, 10 May 2025 12:05 PM

IPL දැන් ගහන්නේ ලංකාවේ....!

:       0       5

Lankabarana Saturday, 10 May 2025 12:25 PM

පළාත් පාලන ආයතනයකට විපක්ෂ නායක තනතුරක් නැත්නම් ඔක්කෝමලා යන්නේ තමන්ගේ ගම හදන්න නම් ඔක්කෝමලා එකතුවෙලා සමගියෙන් එකා වගේ එකතුවෙලා ගම හදාපල්ලා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site