IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි ආණ්ඩු වලට කසල ප්‍රවාහන රථ 16ක් අලුතින් එයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වල කසළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වර්තමානයේදී අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී. 

ඒ අනුව, නාගරික කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. පරිසර හිතකාමීව එකතු කරනු ලබන නාගරික අපද්‍රව්‍ය මහජන පීඩා අවම වන පරිදි පිරියම් කරනු ලබන ස්ථාන කරා ප්‍රවාහනය කිරීම පිණිස දැනට පවතින කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ සහ ට්‍රැක්ටර් රථ යොදා ගනු ලබන අතර, ඒ සඳහා කම්පැක්ටර් රථ 100 ක් දේශීය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මිල දී ගැනීමට 2017 වර්ෂයේදී කටයුතු කර ඇත. 

එහෙත් දැනට ජනනය වන කසළ ප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා එම රථ සංඛ්‍යාව සහ පළාත් පාලන ආයතන සතු ට්‍රැක්ටර් ඇතුළු වාහන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කර ඇත. 

ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් තෝරා ගත් පළාත් පාලන ආයතනවල කසළ එක් රැක් රැස් කිරීම සහ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 16ක් මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

පුංචි ආණ්ඩු වලට කසල ප්‍රවාහන රථ 16ක් අලුතින් එයි

prasanna Wednesday, 11 June 2025 07:05 PM

මේවා සිල්ලර පච. මෙගා පච පසුවට.

:       0       0

රුවන් Thursday, 12 June 2025 02:40 PM

සිරිකොතටයි, සජබේ කොට්ටේ මුලස්ථානයට වෙනම කුණු ලොරි දෙකක් ඕනේලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site