
(අංජුල මහික වීරරත්න)
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැති බව කී අබෙිවර්ධන මහතා ඒ අනුව රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ජනාධිපතිතුමාට අපේ සියලු සහයෝගය දිය යුතුයි .... ත්‍රස්තවාදීන් ට අවස්ථාව නොදිය යුතුයි
ඔයා වගේ ගෝලයෙක් ලැබුන රනිල් හරිම වාසනාවන්තයි
කව්ද ඒ තත්වයට ගෙනාවේ? 5 දෙනෙක් හිටියත් පක්ෂ හදන්න හැකියාව දුන්නේ ඔහෙලා හිටිය යු එන් පිය නේද? හම්බයෝ පක්ෂ හදා ගත්තා.
තම තමන්ගෙ බඩගෝස්තරය සදහා පක්ෂ අටවාගෙන තිබීම රටේ අභාග්‍යක් වෙනවා. කොහොම නමුත් පක්ෂ ලියාපදිංචි වෙලා අවුරුදු දහයක් තුලදී තනි තනි පක්ෂ ලෙසට ඉදිරිපත් වෙලා අවම වශයෙන් පළාත් පාලන ආයතන මැතිවරණයකින් දෙතුන් දෙනෙක් වත් තේරී නැත්නම් එම ලියාපදිංචි අවලංගු කරන්න ඕන. නිකම්ම විවිධ වාසිගන්න පක්ෂ ඇටවීම තහනම් කරන්න ඕන. ජනතාව අතර සමගිය නැතිවීමට ඔය ත්‍රීවීලර් පක්ෂද බලවත්ම හේතුවක් වෙනවා
උඹ වගේ ගොන් හරකෙක් ජාතක කරාට වැඩිය හොඳයි ඒ ටික සරමේ පිහදාලා දැම්මා නම් හරකෝ
ඕස්ට්‍රේලියානු ඡන්ද පත්‍රිකාවේ ලියාපදිංචි පක්ෂ 54ක් ඇත
චන්දෙක දී එක ආසනයක්වත් දින්නේ නැති පක්ෂ අවලංගු කල යුතුය .යූ.ඇන්.පී එකත් ඒ වගේ පක්ෂයක්
ඉක්මනින් නිවන් සුව ලැබියන් එච්චරයි කියන්න තියෙන්නේ
75ක්වත් නැතිව (225න් 75ක් යන්‍ර 1/3ක්) ආණ්ඩු බලය ඇති හිස් මෝඩයෙකුගේ කතාවක් අහන්න උනානේ... කෝ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය? මහජන බලය කෝ??? මේ වගේ හිස් නිවටයන්ටත් බලයක් ලැබුනානේ. අයින් වෙන්න වහාම.
නමට පක්‍ෂ කීයක් තිබුනත් දැන් ජනතාව අතර තියෙන්නේ පක්‍ෂ දෙකයි. අවුරුදු 76 ක් රට කාපු හොරුන් ගේ පක්‍ෂය සහ රට ගොඩනගන නව ජනතා බලයවේගය නියෝජනය කරන පක්‍ෂය. ඊලග මැතිවරණයෙන් හොරුන් ගේ පක්‍ෂයට පාඩමක් උගන්වනවා.
එක හරි.ඒ වගේම දිනන්න තියා හිතන්නවත් බැරි එවුන් ඡන්ද ලක්ශ 100ක් ගන්නව කියලා පාරම්බාන රටත් මෙක.ඒකෙ විහිලුම දෙ ගිය පාර චන්දෙන් ඇපත් නැතිව පරාද උන අයම මෙහෙම කියන එකනෙ
එජාපය වහල දැම්ම නම් හරි. පාර්ලිමේන්තුවේ එක ආසනයක් වත් දින ගන්න බැරි පක්ෂකින් වැඩක් නැහැනේ.
ඔය පක්ෂ කීයක ඉඳලා තියනවද ?
රටට ආදරේ මිනිස්සු නැහැ .පක්ෂ හදා පටු දේශපාලනයෙන් බඩ වඩා ගන්න රටක් මේක
කොට වජිරයා පිස්සෙක් .මොහුගේ ප්‍රකාශ මොනවට මේ පුවත් හැටියට දමනවද ?
කොපමණ පක්ෂ තිබුනත් දැන් ජනතාව රොක් වෙන්නේ එක් පක්ෂයක් වටේ .ඒ මාලිමාව
ඒ වගේම තමයි ඡන්දයෙන් පැරදිච්ච කෙනෙක් රටකට පත්වුණු එකම රට... ඒ වගේම ඒ පිනා වගේ ඉන්න ඡන්දයෙන් පැරදිච්ච අය ඇමැතිකම් වල ඉන්න එකම රට...
ඊළඟ ඡන්දෙන් පස්සේ ජාතික මට්ටමේ පක්ෂ දෙකයි සර් 1NPP 2 සජබේ. තව සුළු ජාතික පක්ෂ වැඩිම වුනොත් 4ක් ඉතුරු වෙයි. මහජන සේවෙන් සර්ලට නිවාඩු හම්බවෙයි. මේ කොරා මදෑ. නිහාල් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන වගේ විකට නළුවෝ මැරිලා ඒ ෆීල්ඩ් එකේ ඉඩ තියෙයි...