
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි.
මේ වනවිට ලක්විජය බලාගාරයෙ විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජනන යන්ත්‍ර තුනෙහිම විදුලිය නිෂ්පාදනය නැවති ඇති බවත් එය කුමන හේතුවක් මත සිදුවුවා දැයි සොයා බලමින් ඇති බව කියයි.
කෙසේ නමුත් නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පලමු වතාම මෙය වන බවත් මෙයට පෙර එක් එක් ජනන යන්ත්‍ර පමණක් නැවති තිබු බවද කියයි.
ලක්විජය බලාගාරයෙන් සමස්ථ විදුලි පද්ධතියට මෙගොවට් 900 ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුවෙති.
කෙසේ නමුත් මෙලෙස ලක්විජය බලාගාරයෙ විදුලිය එකවර නැවති යාමත් සමග රටපුරා සමස්ථ පද්ධතිය නැවති ඇති බවත් එය යථා තත්වයට පත් කිරීම සදහා පැය කිපයක් හෝ එයට වැඩි කාලයක් ගත වනු ඇති බවට පවසන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදය...
කෙටියෙන් පැවසුවොත් පාලනය කරගන්න බැරිබව පේනවා. පුළුවන් අයත් ඇති... නමුත් ඔවුන්ට නිසි තැන ලැබී නැතිව ඇති. හේතුව හොයාගන්න බැරි ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ... ඉන්දිකලා සමාගම ගෙන්වා පාලනය කරන්නම සිදුවෙනවා...
ආණ්ඩුවට මාසෙන් දෙකෙන් රට සිංගප්පූරුවක් කරන්න පුළුවන් නම් අවුරුදු 5ක් යද්දි ශ්‍රී ලංකාව ලෝක බලවතා ඇමරිකාවත් ලංකාවෙන් ණය ගන්නවා. ලංකාව ඉන්දියාව පාකිස්තානය ආක්‍රමණ කරලා ශ්‍රී ලංකා අධිරාජ්‍යයක් ගොඩනගනවා. මාර විහිළු කතා තමයි මේවා. ඇත්තටම ලංකාවේ න්‍යෂ්ටිය බලාගාරයක් හදන්න දීපු නැති හිටපු ආණ්ඩුව හින්දා තමයි මේ ඔක්කෝම. ලංකාවේ යුරේනියම් වලට පස්සේ හොඳම අමුද්‍රව්‍ය ත්රෝයිම් ඕනෑතරම් තියෙනවා. පරිසර හිතකාමී න්‍යෂ්ටික බලාගාර තිබ්බා නම් අපිට ඉන්දියාවටත් විදුලිය අපනයනය කරලා ඩොලර් බිලියන ගාණක් හොයන්න තිබ්බා. පොඩි රටවල් කිව්වාට අපිට වඩා කුඩා රාජ්‍යවලත් න්‍යෂ්ටික බලාගාර තියෙනවා.
මේක වෙච්ච පළමු වතාව නොවෙයි, රට පුරා විදුලිය අක්‍රීය වීම පෙරත් වෙල තියෙනවා. සමහරු අද ඊයේ උපන් අය වගේ අදහස් පලකරන්නේ...!
බලශක්ති ඇමති හොර ඉංජිනේරුවෙක් කියලයි ආරංචිය. ඒ බොරුව පද්ධතියට දරාගන්න බැරිවෙන්න ඇති.
කිසිම වගකීමක් නැති ආණ්ඩුවක්. බොරු මවාපෑමක් විතරයි කරන්න දන්නේ වැඩ හරියට කරන්න දන්නේ නෑ...
දැන් සැපද?
අනේ මන්ද, සංජු! ඔයාට එහෙම එකක්ද ඔය දැනෙන්නේ?
කලින් ආන්ඩු කාලේ ජෙප්පො ඕවා උවමනාවෙන්ම අක්‍රිය කරානේ.
මාර බොරු!!!