
(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)
ඵෙතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ පාදාගැනීමේ කටයුතුවලදී මැටියෙන් නිමකල ඉපැරණි මංජුසාවක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරණි ගොවිපල වසමේ වනගත ප්‍රදේශයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.
චෛත්‍ය ආශ්‍රිතව ගිලිහී යමින් තිබුණ ස්ථානයක තිබී හමුවූ මෙම මංජුසාව මෙයට පෙර හමුවූ පුරාවස්තු මෙන් එම ස්ථානවලම තැන්පත් කිරීමට නොහැකි විය. ඒ අනුව පුරාවස්තුවක් ලෙස ලේඛණ ගත කොට අදාල අංශ දැනුම්වත් කිරීමට කැනීම් නිලධාරීහු පියවර ගෙන තිබිණී.
සුදු පාට වර්නයක් ආලේප කර ඇති බවට සලකුණූ දක්නට ඇති මෙම මංජුසාවෙහි වැස්ම ස්ථාන පහකින් පමණ කැඩී පුපුරා ගොස් තිබුණ අතර, ඒ තුල පිරී තිබුණ පස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
එහිදී පළිඟු පාෂාණයෙන් නිමකර ඇති බවට අනුමාන කළ හැකි කරඬු දෙකක කොටස් හමුවී ඇත.
ඒ සඳහා සිදු කිරීමට නියමිත විද්‍යාගාර පරීක්ෂණවලින් අනතුරුව ඒවා තුල ධාතූන් වහන්සේලා තැන්පත් කර තුබුණාද යන්න ගැන හා තඹහෝ රන්පත් වල සඳහන් වූ තොරතුරු ගැන අනාවරණයක් කළ හැකි වන බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීලගිරි සෑයෙන් මතු වූ අතීතයේ ශ්‍රී විභූතිය
Bunny Preena Monday, 25 September 2023 11:12 AM
ශ්‍රී ලාංකිකයින් හැටියට අපට ආචම්බරයෙන් සහ ලෝකයා හමුවේ මහත් අභිමානයෙන් කතාකළ හැක්කේ අතීතයේ ශ්‍රී විභූතිය පමණයි. ඊට පස්සේ බිහිවුණු පාලකයෝ දේශපාලන වශයෙන් බෙදිලා කළේ එම ශ්‍රී විභූතිය සහ රට විනාශ මුඛයට ඇද දැමීමයි.