IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නීතිඥ සංගමයේ නිලවරණයට එරෙහි පෙත්සම විසි වෙයි

(රෝෂන් තුෂාර)

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි  නීතිඥ ලිලන්තී්‍ ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන  දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය.

දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ පැමිණිල්ලට බැලූ බැල්මට ජය ගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට (19) දින පැවැත්වීමට නියමිත  නිලවරණය වළක්වන්නැයි කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කෙරිණි.

සභාපති ධූරයට තරඟ වදින නීතිඥ රජීව් අමරසූරිය , නීතිඥ ආචාර්ය සුනිල් අභයරත්න මහත්වරුන් ,නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරින් දොළොස් දෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.

පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සභාපති ධුරයට නාම යෝජනා භාර දුන් ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ මහතා   තරඟයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව  ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවය. ඒ අනුව යළිත් නාම යෝජනා කඳවා මැතිවරණය පවත්වන ලෙසට නියෝග කරන ලෙසට ඉල්ලා සිටියේය.  නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම  අපේක්ෂකයෙකු මියයාමකට සමාන බවත් අපේක්ෂකයෙකු මිය ගිය පසුව යළිත් නාම යෝජනා කැදවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වා දුන් නීතිඥවරයා යළි  නාම යෝජනා කැඳවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්,ජනාධිපති නීතිඥ සාලිය පීරිස්,නීතිඥ තිෂ්‍ය වේර ගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක    මහත්වරුන් කරුණු දක්වමින් නීතීඥ සංගමය නිලවරණය පැවැත්වීම නිත්‍යානුකූල බවත්   අනුර මැද්දගොඩ මහතා  කැමැත්තෙන් තරඟයෙන් ඉවත් වී ඇති බවත් සඳහන් කළේය.එම ඉවත්වීම මිය යෑමකට සමාන කළ නොහැකි බවද සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ අනුර මැද්දගොඩ මහතා තරඟයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවය. ඒ අනුව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින   නවයක් ප්‍රමාද වී ඇති බවද පෙන්වා දුන්නේය. නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනී නොයන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

පැමිණිල්ලේ විරෝධතා ඇත්නම් මාර්තු 3වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.



අදහස් (0)

නීතිඥ සංගමයේ නිලවරණයට එරෙහි පෙත්සම විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 186 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site