IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නි.පොලිස්පති දේශබන්දුට පහරදීමේ සිද්ධියේ තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සදහා හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 02 පෙරහැර මාවත ආරලිගයහ මන්දිරය ආසන්නයේ රැදී සිටි විරෝධතාකරුවන් තිදෙනකි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු කොල්ලුපිටිය පොලීසිය මගින් අද (11) ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදුකළ බවට සැකපිට මෙම සැකකරුවන් දෙදෙනා සහ තවත් සැකකරුවකු ඊයේ (10) සවස එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ත’බිණී. මින් එක් සැකකරුවකු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මෙහිදී පොලීසිය අධීකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව රෝහල්ගත කර සිටි සැකකරු නිරීක්ෂණය සදහා අද (11) සවස මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලට ගියාය. එහිදී එම සැකකරු ද හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේසත්‍රාත්වරිය එහිදී නියෝග කර සිටියාය.



අදහස් (5)

නි.පොලිස්පති දේශබන්දුට පහරදීමේ සිද්ධියේ තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

කාටූන් Wednesday, 11 May 2022 06:09 PM

හඳුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැත... ... නියෝජ්‍ය පොලිස්පතිට එලවා එලවා ගහන හැටි බොහෝ රටවල් දැකලා කිව්වා අනේ මෙහෙම රටක් කියලා..! සංචාරකයෝ එන්න බයවුනා මෙහෙම කියමින් 'එයාට එහෙම ගැහුවනම් අපිට මොනවා නොකරයිද'? ඒනිසා දෙන දඬුවම තදින්ම දීලා එය ලොවටම පෙන්වන්න..!. ඒකට කාටූන් එකකුත් ඇඳලා විදේශ රටක පත්තරයක දාලා තිබ්බා....! ඒ තරමටම පාච්චල් කරලා අපේ පොලීසියව!

:       0       0

Naleen Wednesday, 11 May 2022 06:47 PM

තවමත් මේ රටේ යුක්තිය කතාකරන අසාධාරණයට එරෙහිව නැගිටින මිනිස්සු ඉන්නවා කියලා පෙන්වූ නුඹලා ගැන ආඩම්බරයි කොල්ලනේ. නුඹලා පිටිපස්සෙන් රටම ඉන්නවා. මේ එක කොල්ලෙක්ට හරි අනතුරක් වෙනවද කියලා අපි හොඳින් බලාගෙන ඉන්නේ.

:       53       4

Sisil Wednesday, 11 May 2022 07:16 PM

සාමකාමී අරගලයට පහර දෙන්න තෙන්නකෝන් කියන පුද්ගලයා මැරයින් සමග සැලසුම් කරන ආකාරය සමාජ මාධ්‍යයෙන් සියලුම මහජනතාව පැහැදිලිවම දැක්කා. එතකොට මෙයාට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්නෙ නැද්ද...?

:       41       14

asankaWednesday, 11 May 2022 08:22 PM

නෑ. මේ රටේ නීතිය හැම වෙලේම ගලන්නේ පහත් තැනින්

:       0       0

siri Wednesday, 11 May 2022 08:00 PM

මෙයාට ගැහුවා කියල දෙන්නෙක් දවසෙන් ඇල්ලුවා. අරගල භුමියේ නිරායුද තරුණයින්ට පොලුමුගුරු වලින් තලනවා පින්තුර සහ වීඩියෝ වල ඕනෑතර පැහැදිලිව පෙනුනත් කවුරුවත් අල්ලන්න බැරි උනා. එහෙම වෙන්නේ පොලු වලින් අහිංසකයින්ට තඩි බෑව සමහරු බලවත් ඇමති වරුන්ගේ ආරක්ෂක නිලධාරීන් නිසාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site