
(නිමල් ප්‍රේමචන්ද්‍ර සහ නිමල් ජයරත්න)
පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලොන්නරුව අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා අවුරුදු තුනහමාරක දැරියක මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති දැරියකි.
ඇය තම වැඩිමහල් සොයුරිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී, දියනෑමට අවශ්‍ය බව පියාට පවසා ඇත.
පසුව ඇය වැසිකිළිය අසල ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අතර වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.
මේ අතර සිය නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතකුට යටවීමෙන් පඬුවස්නුවර දිග්ගලගෙදර ගම්මානයේ අවුරුදු අටක් වයසැති දරුවකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ චේතිය චිරාන් නමැති හෙට්ටිපොල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මෙම සිද්ධියෙන් අනතුරට පත් දරුවා කුලියාපිටිය මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එම රෝහලේදී මිය ගොස් ඇත.
COMMENTS
අහිංසක දරුවන්ගේ මෙවනි මරන වලට හේතුව දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් කමයි
අපේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්. මොළ වල එක පැත්තක් වර්ධනය වෙලා නැති ජාතියක්. ගොඩක් ගෙවල්වල වහලය මත ඇති වතුර ටැංකි සවි කරන විට හිස් නිසා ඒ ගැන හිතලයි වතුර ටැංකිය තියන්නේ. වතුර පිරුණාම කොතරම් බරක්ද කියලා තේරුම් අරන් එය ශක්තිමත් තැනක සවි කරන්නත් කොතරම් ශක්තිමත් වුණත් කඩා වැටෙන්නට ඉඩ තිබෙන නිසා එවැන්නක් වුණොත් කියලා හිතලා සුදුසු තැනක් සොයාගන්නත් තේරෙන මිනිස්සු නෑ. උස ජිරාෆ් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හැදුවම පෙරලෙයි කියලා මිනිස්සු තියා තේරෙන ඉන්ජිනේරුවොත් නෑ. මාතලේ ළමා උද්‍යානෙ තඩි ඩයිනොසිරස් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හදලා තියෙනවා. එක හෙට අනිද්දම කාගේ හරි දරුවෙක් දෙන්නෙක් මරනවා. නගර සභාවෙන් හදනකොට එවකට හිටපු නාගරික ඉංජිනේරුවා ඒවා නොසොයා එක එක කොන්තරාත් වලින් ගතමනාව එකතුකරමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නවා. මම මේ ලදී සමාජ මාධ්‍යවල දැක්කා දැවැන්තම පිළිමයක් හදනවා කළුගලක් උඩ.ගල නිසා පාදම යටට හාරන්න බෑ. ගලට අඩි කිහිපයක් එහායින් විශාල බෑවුමක පහලින් ප්‍රධාන පාර. මෙතරම් උස පිළිමයක් ගල උද හදලා පෙරලුනොත් පහල පාරේ ජිවිත රැසක් අහිමි වෙන්න ඉඩ තිබෙනවා. මේවා කිසිවක් ගැන නොසිතා වැඩ කරන ජාතිය.