
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය.
අධිකරණයෙන් නියම කර තිබූ වන්දි මුදල් නොගෙවීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පවරා තිබු නඩුව විභාග කිරීමට මීට පෙර අවස්ථාවක තීරණය කර ඇති පසුබිමක වන්දි මුදල් ගෙවීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතා අධිකරණයෙන් සමාව අයැදීම සැළකිල්ලට ගනිමින් පෙත්සම් විභාගය අවසන් කිරීමට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

COMMENTS
ඔය සල්ලි හොයාගත්තේ කොහොමද කියලා හොයන්න...
සල්ලි නිත්‍යානුකූලද දන්නේ නෑ...
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පෙනී සිටියාට සන්තෝෂම් ලැබිලා ඇති .
මානසිකත්වය ගැනත් සලකන්න. යන්ත්‍ර නෙමෙයි නේ. ජීවිත හානි වුවත් සිදු වෙන්න පුළුවන්...!
රටක් අගාධයට දමන්න හවුල් වුණ දුර්වල බලලෝභී මෝඩ බලධාරී නිලධාරියෙක්... ඔය ගැන රජයට ගෙව්වාම අර වෙච්චි හානිය පියවන්න පුළුවන්ද?
මෙයාල තමන්ගේ වගකීම් හරියට ඉටු නොකිරීම නිසා අහිංසක මිනිස්සුන්ට එයාලගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. දරුවන්ට අම්මා/ තාත්තා නැති උනා, දෙමාපියන්ට තමන්ගේ දරුවෝ නැති උනා. මේවගේ මිනිස්සුන්ට ආපසු පත්වෙන කිසිම කිසිම ආණ්ඩුවක වගකීමක්/ රැකියාවක්/ විශ්‍රාම වැටුපක් නොලැබිය යුතයි.
සල්ලි කොහෙන්ද කියලා හරියට හෙව්වා නම් මහමොල කාරයෝ නිකන්ම හොයාගන්ඩ පුළුවන්
මියගිය ජීවිත සල්ලි වලින් මනින්න පුලුවන් නං කොච්චර හොදයිද?
මෛත්‍රී ලොකු අයියා ඇතුළු අනික් අයගේ වන්දි ගෙව්වේ ඩඩ්ලි සිරිසේන කියලා කතාවක් යනවා නේද. මෙයාගේත් වන්දිය ගෙව්වේ ඩඩ්ලි සිරිසේන වෙන්න පුළුවන්. අයියා කරපු මගඩිය තමයි ඔක්කෝටම මුල. කරන්න බැරි ජනාධිපති තනතුරක් බදාගෙන කරපු හරියක්. අයියාගේ තරම මල්ලී දන්න නිසා ගෙවලා දැම්මද දන්නේ නෑ