
(ඩයනා උදයංගනී)
කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් මෙන්ම වටිනා උපකරණ ඒවායේ රැඳී සිටි පුද්ගලයන් විසින් විනාශ කර ඇති බවට එම සිසුහු චෝදනා කරති.
තමන්ගේ ඇඳුම්, පොත්පත් තිබූ කබඩ් ආදියේ අගුලු මෙන්ම භාණ්ඩ දමා ඉබියතුරු පවා දමා තිබූ ගමන් බෑග ඉරා දමමින් භාණ්ඩ එළියට ඇද දමා ඇතැයි එම සිසුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍යාවක් පැවසුවේ විද්‍යාපීඨ වෙත යාමේදී බොහෝ දෙනෙකුට අවශ්‍ය භාණ්ඩ ලබාගෙන ඇත්තේ දෙමාපියන් ණය වෙමින් බවයි.
එසේ ලබාගත් ඇඳුම් පැළඳුම්, පොත්පත් ආදිය මෙසේ විනාශ කර දැමීමෙන් එම සිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ද ඇය කීවාය.
විශේෂයෙන්ම පුලතිසිපුර, රුවන්පුර සහ සියනෑ යන විද්‍යාපීඨයන්හි සිසුන්ගේ භාණ්ඩ මෙසේ විනාශ කර දමා ඇති අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යවල ද පළ වී තිබේ.
වසරක පමණ කාලයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය මේවායේ කොවිඩ් ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන්, යාචකයන් ආදීන් රඳවා සිටි බව වාර්තා වේ.
මෙට්ට, මදුරුදැල් ආදිය ද විනාශ කර ඇති බවත්, විදුලි ස්ත්‍රික්ක ආදිය ඒවායේ රැඳී සිටි පුද්ගලයන් රැගෙන ගොස් ඇති බවත් ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ තමන්ගේ නේවාසිකාගාරවල තිබූ භාණ්ඩ විනාශවීම හේතුවෙන්ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.
පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි පවා ආරම්භ කර ඇතත් මෙතෙක් විද්‍යාපීඨවල කටයුතු ආරම්භ කර නැත්තේ මේ තත්වය හේතුවෙන් විය යුතු බව ද ලේකම්වරයා කීවේය.
එම සිසුන්ගේ දෙමාපියන් ලබාදුන් උපකරණ සියල්ල විනාශ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ට රජයෙන් සාධාරණ වන්දියක් ගෙවිය යුතු බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම සිසුන්ගේ නැති වී හා විනාශ වී ඇති භාණ්ඩ පිළිබඳ ලේඛන විද්‍යාපීඨ පාලනාධිකාරිය හරහා ලබාගනිමින් සිටින බවයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බව ද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන් මහා පුදුම ජාතියක් අප්පා. එන්න එන්නම හැසිරෙන්නේ එපාම කරපු අය ලෙසට. බුදුන් තුන්පාරක් වැඩම කරපු රට. තුන් ලෝකෙටම උතුම් වු ද්‍රෝනියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින එකම රට. කෝටියක් දෙවි දේවතාවන්ගෙන් වැදුම් පිදුම් ලබන චෛත්‍ය තිබෙන රට. බුදුරජාණන්වහන්සේගේ ලලාඨ ධාතුන් වහන්සේ වැඩ සිටින එකම රට. ඒත් මුළු ලොකේම වනසන එපාම කරපු කොටසකුත් ජීවත් වෙන රට. අනේ බුදුන් ජීවමානව වැඩ සිටියා නම් ????
මේකට සම්පූර්ණයෙන්ම මෝඩ ආණ්ඩුව වගකියන්න ඕනෑ. යාචකයෝයි, හොරුයි මේ වගේ තැන්වලට දානවද?
නොමිලේ හැමදේම ලැබීම් අයිතියක් කියලා හිතාගෙන ප්‍රතිකාර ගන්න ආව ශ්‍රී ලංකාවාසී සම හරක්ගේ වැඩ. දෙමව්පියන් හරියට නොහදපු වැරද්ද හා අධ්‍යාපනයේ වැරැද්ද...?
ආණ්ඩුව මොක උනත් එවැනි හදිසි තීරන ගැනීමේදී වෙන කල දෙයක් නැත. වරද රජයේ නොව මිනිසුන්ගේ නැහැදිච්චකමයි.
අසත්පුරුෂයින් ට මිනිසුන් ලෙස සැලකුවත් ඔවුන්ගේ ගති නොවෙනස්ව පවතින බවට හොඳම සාධකයකි. අසත්පුරුෂයා අසත්පුරුෂයාම ය.
මේ ලංකාව කියල අමතක වුනාද? මිනිස්සු හැසිරෙන්නෙ තමන් කරන කියන දේ වලට විපාක ලැබෙන්නේ නැහැ වගේ.
මම අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ හිටපු විදුහල්පති. හැම ගං වතුරකටම ඉන් අනාත වන පුද්ගලයින් සදහා මගේ පාසල යොදා ගන්නවා.එහෙම කරන්නෙ දේශපාලකයින් විසින්.නමුත් අවට පන්සල දෙක තුනක්ම තිබියදී හැමදාම අනාතයින් ලැගුම් ගත්තේ මගේ පාසලේ. ඒ අනාතයින් හැමදාම පාසලේ තිබුණු සියලුම දේ විනාශ කලා. මේ සම්බන්ධයෙන් මම අවස්ථා ගණනාවකදීම පොලිසි ගොස් තිබෙනවා. එක වරක් ඉබි යතුරු ගලවා අනාතයින් පාසලට ඇතුල් කර තිබුනේ නගර සභිකමහතකු විසින්. ඔන්න ඔහොමයි තත්වේ. ඕවට කලබල වෙන්න එපා. මේව අශිෂ්ඨ පුරුදු අධ්‍යාපනයෙන්ම වෙනස් කල යුතුයි.එසේ බැරිම නම් දඩුවම් දිය යුතුයි.
මෙහෙව් ජරා ජාතියක්! චික් විතරක්...!
ගෝතම බුදුන් වහන්සේගේ ශාසනය දැන් අතුරුදන් වෙලා තියෙන්නේ..!!!
පිංකෙත හෙළ රන් දෙරණේ යලි නූපදින්නට...
මිනිස්සුන්ට වගේම රටවල් වලටත් නරක කාල උදාවෙනවා.. එහෙම කාලවලට නපුර ඒ බිම රජ කරනවා.. එදවස පාලකයින් මහජනතාව පමණක් නොව පූජකයින් පවා නුගුණ දේ කරනවා. මේ හැම දෙයකින්ම මට නම් බුදුදහම තව තවත් සත්‍ය බව වැටහෙනවා.
කිසිම චාරයක් නැති අයගේ වැඩ. හරිහමන් හැදියාවක් නැතිකම අන්තිමට... වෙච්චි දේට මක්කරන්න ද කියලා හිත හදාගන්න තමයි වෙන්නේ..?
රටටත් ජාතියටත් උපන් මවුබිම ටත් ණය ඇති මිනිසුන් මේ රටට කොතරම් විපතක් ගෙන එනවද
ඔය මධ්‍යස්ථානවල හිටපු අයගෙ විස්තර අනිවාර්යෙන්ම තියෙනවා ඇතිනෙ. උසාවිය හරහා අලාභය අයකරගන්න.මාස තුනක් පාරවල් දෙපැත්තෙ තණකොළ සුද්ධ කරන්න දැම්ම නම් පාඩමක් ඉගන ගනීවි.
මධ්‍යස්ථානයක් සඳහා භාවිතා කරන තැනයි, එතනට යවන මිනිස්සු මොනවගේද කියලයි හිතලා තීරණය කරන්න බලධාරීන්ට මොලයක් නැතිනම් අනිවාර්යයෙන් බලධාරින් විසින් ඒ අලාභය ගෙවිය යුතුයි.
ළමයින් ගේ බඩුබාහිරාදිය හොරකම් කරපු එකෙත් පාඩුව දරාගන්න වෙන්නේ ළමයින්ට. පීඨාදිපතිලට සහා කතිකාචාර්යවරුන්ට වගේ වගක් නැ .මොකද එයාල ගේ දරුවෝ විද්‍යාපිඨ වල ඉගනගන්නේ නැනේ.